ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Monday, June 27, 2011

මසිත...


තලන් ඇති    තරමක්,
මසිත පොල් ලෙල්ලක්..
වෙතොත්   සෑහීමක්,
හදන්නම්  කොස්සක්..
නුබේ තුන්  හිතකත්,
මා මතක  බිදුවක්..
ඉතිරි නොම වෙනකන්,
ඇමදලා දමපන්..

Sunday, June 26, 2011

අහිංසක මකනය...


ඔබට වැරදුන.. සෑම තැනකම
මකා නිවැරදි .. කරන්නට මම
ඔබෙ මිනිරන්..  තුඩග අසලම 
මකනයක් වී..    රැදුනි නිබඳම

මගේ ඉරනම.. නොමැකෙනා ලෙස
කෙලස කටුගා.. දැමූවෙද නුඹ
මකනයයි මම.. තවම නුඹ ලඟ
කිමද මේ.. පෑනක්ව නුඹ අද...

Friday, June 24, 2011

සිනහව...



නොමිලයේ දිය හැකිවු අමිල  ගතමනාවයි
හමුවනා හැම දනෝ බැඳ තබන    ඉනාවයි
අවුල් වූ මුව මඩල පිහිරනා           පනාවයි
විකසිතවු හද මලක සුවඳ නම්       සිනාවයි

හද මලක් කොපමණ සුන්දර උවත් එහි ස්වභාව පිටතට පෙන්විය හැක්කේ ඔබේ මුවෙහි වූ සිනහවෙනි.ඒ මලක රුවට වඩා එහි සුවඳ බොහෝ දුර පැතිරෙන්නාක් මෙනි.ඒ ඔබේ සිනහවට මිනිසුන් ඇද බැඳ තබා ගැනීමේ
හැකියාවක් ඇත.ඔබේ මුව මඩලට සුන්රත්වයක් එක් කරන්නේද එයයි.ඕනෑම කෙනෙකුට නොමිලයේ දිය හැකි එකම සංග්‍රහය වූ ඔබේ සිනහව සඟවාගෙන නොසිටින්න

 

Thursday, June 23, 2011

ඇරඹුමක් කරා නික්ම යන්න....

දුම්වැටියට සමු දීම...


මගේ මුව අද්දරම
ජීවිතය දැල්විලා
ටිකෙන් ටික කෙටි වෙලා
බිම වැටෙයි අලු වෙලා..

හෙට දිනය හැඩ දමා
දුමින් සිත්තම් කලා
පලක් නෑ එය බලා
සැනෙන් යයි බොඳ වෙලා..

නිවී අහවර වෙලා
යන්න පෙර බිම හෙලා
පයින් පාගා දමා
උදා වෙන හෙට බලා
තුටින් පියමන් කලා...



Wednesday, June 22, 2011

වට්ටාරම...

මා ඇසින් දුටු වට්ටාරමේ අසිරිය...


උතුම් වෙසඟේ බුදුන් වැඳුමට ගියේ             වට්ටාරම්
ඒ මහා පුදබිමේ මා දුටු අසිරි                     පවසන්නම්
බොහෝ දුර අපි ගෙවාගෙන තව පසුකරන්      පුදබිම්
බුදුන් වැඳුමට වෙළඳ පොලකට ගියා මෙන්   මටනම්
 
පුදබිමට පිය නගන විට අපි බැතින් හද       පුරවන්
කතුරු ඔන්චිලි අතර මාරක ලිඳකි මහ       හඬ දුන්
බුදුන් වැඳුමද තබා පසෙකින් මුදල් වැය    කරමින්
මහා ජන කඳ පෝලිමේ හිඳ ගියේ එය       නරඹන්

 
බෝ රඳුන් වැඳ දාගැබට යන මග දෙපස      අහුරන්
යදිති යාචක දනෝ ආධර එකිනෙකා          පරයන්
නේක ආබාධයන්ගෙන් යුත් ඔවුන් දුටු       විගසින්
සොවින් හදවත පිරී ඉතිරෙයි සසර කල    කිරෙමින්
 
දාගැබෙන් බුදු මදුර වෙත පිය නඟන මග          දෙපසේ
එකම වහලක් යටින් හැම දේ ගන්න  හැකි       වන සේ
නොයෙක් විසිතුරු දෙයින් සපිරුනු සල් පිළින්  ගැවසේ
ඔවුන් යන එන මගත් අහුරන් හඬනගති             රිසිසේ
 
මුදල් කොල මත යකඩ කටකින් හඬින් සෙත  පැවසේ
එකඟ සිතකින් මලක් පිදුමට නොහැක කිසි      විලසේ
ගමේ පන්සල උතුම් වෙසඟට පිළිවෙතින්        සැරසේ
අහෝ.. රජමහ විහාරෙට මේ කලද අද               දවසේ

Monday, June 20, 2011

සොබාදහම...

මල් පිපී තුරු හිසක
සුවඳ විහිදා දසත
ඵල ලබන අරමුනක
ඉඟි කලා බඹරුනට

බඹරු දස අත ඇදෙන
හිනැහෙනා මල් දෙසට
රොනට ඇදුනා මිසක
නොමැත ආලය හදක

එහෙත් උන් එක් වේවි
බඹරු කුස පුරවාවි
මලත් ගැබ්බර වේවි
සැම තුටින් වෙන්වේවි

Friday, June 17, 2011

ජයගනිමු භාධක...

පියමැන යද්දි ජය ගන්නට      ජීවිතය
භාධක හමුව පසු බැස්සොත් නිශ්පලය
පළමුව සිතින් ජය ගමු ඒ       භාධකය
ඉන්පසු ගතත් ඒ පසුපස එනු     ඇතිය

හොඳම සේවය


















ඵලදායී සහ හොඳම සේවය නිහඬවම කරන 
සේවයයි...!

Saturday, June 11, 2011

ජය ගන්න...

ඔබේ ජය කනුව නිති සිත් අහසෙ  ඇඳගන්න
ජය ලැබූ සේ සතුට හද පුරා            විඳගන්න
තබන හැම පියවරක ජය කනුව    දැකගන්න
ඔබට හැකි වේ සබඳ නොවැරදී     ජයගන්න


සාර්තකත්වය කරා යාමට...!

සාර්තකත්වය කරා යාමට අසාර්තකත්වයට මුහුන දීමට එඩිතර විය යුතුය..
 
තෝමස් අල්වා එඩිසන් සාර්තකම විදුලි බුබුල නිපදවීමට පෙර පරීක්ෂන 9000ක් පමණ කර තිබේ.ඒ සෑම අවස්තාවකම නොපසුබට වූ ඔහු තම කාර්යය අසාර්තක වියහැකි ක්‍රම දහස් ගණනක් ඇති බව සොයාගත්තේය.
එමනිසා අසාර්තකත්වය සාර්තකත්වය සදහා යන ගමනේ අත්වැලක් කරගනිමු..



 http://adahas.webs.com/adahasideas.htm 

Sunday, June 5, 2011

නැගීසිටිමු..!


වැටෙන්නට බිය නොවන් එවිට හැක   දුර යන්න
මක්නිසා වැටුනිදැයි වැටුනොතින්       විමසන්න
සවිය ගෙන නැගිටින්න තැවි තැවී  නොම ඉන්න
කිසි දිනක නැවත එ විලස ඇද    නොවැටෙන්න
Related Posts Plugin for WordPress, Blogger...