ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Thursday, July 28, 2011

අසම්මතද..?


 


ගතේ දැවටෙන සේල   අතරින්
ඔබේ මුදු ලැම පහස    ලබමින්
නේක මිනිසුන් හෙලූ   සුසුමන්                                                            හදේ ගැඹුරට නොදැනුනාදෙන්

ආලයෙන් තුටු පඬුරු  අරගෙන
ඔබට ඇරයුම් රැගෙන  එන දින
කාසි පඬුරට විවර    නොමවුන
නුබේ ඒ හද මහට    දෙනු මැන

Tuesday, July 26, 2011

හිතන්නට...



නොයෙක් දස්කම්  දරන්
ඉපදුනේ        මනුසතුන්
අනුන් දැල්වූ        පහන්
එපා යන්නට    සොයන්

මදක් නැවතී          හිදන්
ඔබට හැකි දේ      බලන්
ප්‍රඟුන කර එය    හොදින්
යන්න පරතෙර  සොයන්

නොපසුබට       අදිටනින්
අනුන් යහපත        පතන්
වැඩ කලොත් ඉත  සිතින්
දියුණුවත් එයි        හඹන්



සෑම මිනිසෙකු සතුවම සහජ දක්ෂතාවයන් පවතී.අවම වශයෙන් එකක් හෝ පවතී.ඉතින් නිවිහැනහිල්ලේ සිතා බලන්න,තමන් දක්ෂ මොනවාටදැයි කියා. තවමත් ප්‍රමාද නැත,එම දක්ෂ තාවයන් මතුකර ප්‍රගුන කරගන්න.එමගින් සමාජයට වැඩක් කරන්නට උත්සාහ ගන්න.එවිටයි, සාර්ථක මිනිසෙකු විය හැක්කේ.

                                                                                                      http://adahas.webs.com/

Saturday, July 23, 2011

මල


මලක් විලස පර වීලා
ගියේ කිමද මා දාලා
කිවේ මලකැයි කියලා
මලක් විලස සුවඳ හලා
ඔබ එනු දැක සිනහ සලා

Monday, July 18, 2011

සර්වපාක්ෂික මාර ගස..


සිව් වසරකට වරක්,
කරලියට එන මුහුනු 
සිනාසෙන රූප කොල,
බඳ පුරා අලවගෙන 
පැයෙන් පැය අලුත් වන,
හන්දියේ මාර ගස 
මොනව ලැබ ගන්නටද..
මෙවර ඡන්දෙටත් වැඩ 

Monday, July 11, 2011

සමාවන්න..



රෑ පුරා නිදි වරපු
විඩාබර නෙත උනපු
නෙත දොවා පහ කරපු
වේදනා ගෙන ගියපු
කදුල ඔබ.. මා පතපු
මම සිතින් දුරු කරපු

දැන්වීමයි...

Wednesday, July 6, 2011

ඇමති-ඇඳුරු කඹ ඇදිල්ල



ශක්තිමත් දෙපිරිසක්
තරඟ පිටියට වැදන්...
සිටින්නේ වැර යොදන්
කඹය දෙපසට ඇදන්...
ඒත් මේ ඇදෙන්නේ
රටේ හෙට දවස නම්...
අත නොහැර සිටියොතින්
සුනු විසුනු වන බැවින්...
ගොන් දෙබානක් උනත්
නොසිටීවි මේ ලෙසින්...

Saturday, July 2, 2011

දරු පෙම.....




දුකක් දැනුනිද, නුඹට මල් ගස
නෙලා ගත්තෙන්, නුඹ වැදූ මල
බොහෝ දුක් විඳ, නුඹ හැදූ මල
බුදුන් පිදුමට, නෙලූවෙන් මම
හදාගන් සිත, විලස මා කල
දිනේ මා පුතු, සසුන්ගත කල




 

Related Posts Plugin for WordPress, Blogger...