ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Sunday, November 6, 2011

නුඹ නමට ලියන කව...




ඇරඹුවත් නුඹ නමින් කවි පෙලක්           පබදින්න
කිම වදන් පැකිලෙන්නෙ ඒ හැඟුම්          පවසන්න
නුඹ ඇවිත් මගේ මුලු හිත් අහස              සරසන්න
හිත නොමැත නුඹ අතැර වදන් සොයමින්    යන්න
 
 ඒ කවිය නුඹ නමට කෙලෙස හෝ          අමුණන්න
 අවැසි නෑ තව තවත් එලි සමය                රැකගන්න
 උවම් නැති උනත් ඒ කවිය හැඩ              කරවන්න
 වදන් වත් දෙනු මැනවි කවිය නිම           කරගන්න



Related Posts Plugin for WordPress, Blogger...