ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Sunday, June 10, 2012

වසරක් සමරණ අදහස්...




ඔන්න මාත් බ්ලොග් ලියන්න පටන් අරන් අවුරුද්දක් ගත උනා.හැබැයි අවුරුද්ද සම්පූර්ණ උනේ මැයි මාසෙ 14 වෙනිදට. තිබුන වැඩ කටයුතුත් එක්ක ලිපියක් පලකරගන්න වෙලාවක් නැති උනා.ඔන්න පරක්කු වෙලා හරි අවුරුද්දෙ සංවත්සරය සමරන්නයි මම ලැහැස්ති වෙන්නෙ.

 අවුරුද්දක් පුරාවට මගේ අදහස් 39ක් පලවෙනකොට යාලුවොත් 38 දෙනෙක් "අදහස්" වටේට එකතු උනා.කැම්පස් එකේ වැඩ කටයුතුත් එක්ක සමහර මාස වල ලිපි පලකලේ හරිම අපහසුවකින්.සිය ගනන් ලිපි පලවෙන බ්ලොග් අතරෙ මම ඉන්නෙ තවම පුංචියි. ඉතින් කොහොම කොහොම හරි අවුරුද්දකුත් ගත උනානෙ.දහසකුත් එකක් වැඩ රාජකාරි මැද්දෙ මගේ බ්ලොග් පිටුවට යන්තමින් හරි ගොඩවෙලා යන්න අමතක නොකරපු, මගේ අදහස් කියවපු, ඒ ගැන අදහස් යෝජනා පලකරපු, වචනයකින් හරි මාව දිරිමත් කරපු හැමෝටම ස්තුති කරන්න ඕන.

මින් ඉදිරියටත් හැකිතාක් කල් මගේ අදහස් ඔබ වෙනුවෙන් පලකරන්න මම උපරිමයෙන්ම උත්සහ කරනව. ඔබටත් වසරක් පුරා මා සමඟ සිටියා සේම තව ඉදිරියටත් මා හා රැඳි සිටින්නට මගේ මුලු හදවතින්ම අරාධනා කරනව...
 

Related Posts Plugin for WordPress, Blogger...