බිත්ති පිරිසිදු කලේ ඉඳහිට
වත්කමක් නෑ තින්ත ගෑමට
ජයට ඉදිවුන බිත්ති මතුපිට
ඔබේ නිවහන කැඩුනි එදිනට
එහෙත් මම දැක ගතිමි පසුදින
ඔබට හිමි උන අලුත් නිවහන
යසයි හැඩතල අලුත් කරගෙන
පෙනෙයි ඉඩකඩ තවත් වැඩිවුන
ඔබේ දෙයකින් ඔබේ සිතැඟින්
ඔබේ අහරද නිබඳ ගෙනෙමින්
සරල දිවිමඟ පහසු කරමින්
දිසෙයි නිවහන ඔබේ අභිමන්
මට හදන්නට නොහැකි උනමුත්
වෙහෙසිලා අමුද්‍රව්‍ය ගෙනැවිත්
කුලිය දී එකලසක් කෙරුවත්
ලබන මාසෙන් වේවි සින්නත්