ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Thursday, February 28, 2013

දුම්රියෙදි මා වසඟ කල ළිය..



දුටිමි වරකදි සොඳුරු ඔබෙ රුව
සිනා පිරි මුව නටන දෙනුවන
බැලිමි නැවතද නැවත නැවතද
මිතුරු කැල මැද රඟන ඔබෙ රුව

මගේ හදවත ගැහෙන රාවය
ඇසේ දෙසවන බිහිරි කරමින
ගතේ රුධිරය රත්ව උණු විය
නැගුන දහදිය සිසිල ගෙන දිය

වරක් දෙවරක් මදෙස යොමු වෙන
නුබේ දෙනුවන නොදනි මා ගැන
මැදිරියේ සිටි  පිරිස අතරින
ඔබට මා එක රුවකි නොවටින

නොදැන හෝරාවකුත් ගත විය
බොහෝ දුරකට මාව ගෙන ගිය
සොඳුරු නැවතුමකදී බැස ගිය
කවුරුදැයි නොම දනිමි ඒ ලිය
 
 

Wednesday, February 6, 2013

ඉකිගසා හඬනු මැන, දුක තුනී වී යන්න..



අඳුරු මුව අයා නුබ
පිනි කඳුලු හෙලා කිම

මහා කම්හල් බිමෙන්
නැගෙන විශ දුම් වලින්
නුඹව අපවිත්‍ර වන
නිසාවෙන් තරහින්ද

පාලු ගොවි බිම් පුරා
නැගෙන සුසුමන් කන්ද
නුඹේ හද අවුලයිද
සොවින් නුඹ කරබන්ද

ගිනිගසා දැවෙන බිම
දෙස බලා ඔරවගෙන
පලක් නෑ නොවෙද හිඳ
නුඹේ සුව අවැසි අද

වියලි ඉරිතැලූ බිම
දෝරෙ ගලලා යන්න
මලින තුරුපත් මුදුන්
සුවඳ මල් පුබුදන්න

ඉකිගසා හඬනු මැන
දුක තුනී වී යන්න
  

මම පුත්තලමෙ සිමෙන්ති කම්හලේ පුහුණුවට ගිහින් ඉන්න දවස්වල, ගහකොල මැරිල ගොවි බිම් පාලු වෙලා යන තරමෙ මහා පෑවිල්ලක් තිබුන එහෙ.ටික දවසකින් වැහි වලාකුලු පිරිල අහස බර වෙලා පෑවිල්ල ඉවර ඉවරවෙන ලකුණු ආවත්, එ විදියටම වහින් නැතුව  පුංචි පොදක් විතරක් ඇවිත්, වැස්සට අර අදිමින් දින ගණනාවක් තිබුන. ඒ දවස් වල මගේ හිතට ආපු අදහසක් තමයි මේ. හැබැයි ඊට පස්සෙ නම් කවදාවත් යට නොවුනු පැතිත් යටවෙන්න මදි නොකියන්නම වැස්ස.  

Related Posts Plugin for WordPress, Blogger...