Saturday, July 2, 2011

දරු පෙම.....




දුකක් දැනුනිද, නුඹට මල් ගස
නෙලා ගත්තෙන්, නුඹ වැදූ මල
බොහෝ දුක් විඳ, නුඹ හැදූ මල
බුදුන් පිදුමට, නෙලූවෙන් මම
හදාගන් සිත, විලස මා කල
දිනේ මා පුතු, සසුන්ගත කල




 

6 comments:

  1. ගැඹුරුම අදහසක් පද කීපයකින් ලියා තියෙන හැටි හරිම අපූරුයි

    ReplyDelete
  2. ස්තුතියි ඔබේ සටහනට...

    ReplyDelete
  3. මා ඔබේ හොඳ රසිකයෙක් වීමි. අපූරුයි.

    ReplyDelete
  4. ස්තුතියි මචෝ...

    ReplyDelete
  5. කියන්නට කිසිත් නැත......
    ඒත් මේ පද කිහිපයෙන්
    හිතන්නට දහසක් දේ ඇත.....

    ස්තුතියි ඇස් ඇරෙව්වාට.........

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ඔබටත් මේ පැත්තට ගොඩ උනාට..
      :)

      Delete