Thursday, February 28, 2013

දුම්රියෙදි මා වසඟ කල ළිය..



දුටිමි වරකදි සොඳුරු ඔබෙ රුව
සිනා පිරි මුව නටන දෙනුවන
බැලිමි නැවතද නැවත නැවතද
මිතුරු කැල මැද රඟන ඔබෙ රුව

මගේ හදවත ගැහෙන රාවය
ඇසේ දෙසවන බිහිරි කරමින
ගතේ රුධිරය රත්ව උණු විය
නැගුන දහදිය සිසිල ගෙන දිය

වරක් දෙවරක් මදෙස යොමු වෙන
නුබේ දෙනුවන නොදනි මා ගැන
මැදිරියේ සිටි  පිරිස අතරින
ඔබට මා එක රුවකි නොවටින

නොදැන හෝරාවකුත් ගත විය
බොහෝ දුරකට මාව ගෙන ගිය
සොඳුරු නැවතුමකදී බැස ගිය
කවුරුදැයි නොම දනිමි ඒ ලිය
 
 

3 comments:

  1. අහ අහ අහා... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අවසර රජතුමනි,

      ඔබතුමාගෙ පැමිණීම ලොකු සතුටක්..!

      Delete
  2. සිතුවිල්ලට මම කැමති. හරි ලස්සනයි. :)

    ReplyDelete