Thursday, June 19, 2014

සිංහයා හැර යයි..




දහම පොත් තුල දිරයි තැන         තැන
වියලි බෝ පත් පෙනෙයි සිව්    කොන
බොහෝ කල් සිට සිතුවෙ මේ      ගැන
අසනු සිංහල රටේ මහ                  දන

අසිපතින් ඵල ගනියි             මැරයන්
තැඹිලි,කොල හා ගැටෙයි       සිහලුන්
ස්වර්ණ සිරුරත් ලෝහිතයි          දැන්
පලක් නෑ මේ ධජයෙ             හිඳිමින්

අහින්සක දන හෙලන            සුසුමන්
පවන වී මා ගතෙහි            වෙලෙමින්
සොරුන් රජ සැප විඳියි       සතොසින්
නැඟෙනු කුමටද ඔවුන්           සුරතින්

නුබ ගැබෙහි යලි ලෙළෙන්නට       නම්
නොහැක හද නැගි සොවෙහි නැත   නිම්
පලා යමි යලි නො එන්නට              මම්
සොයාගනු නරි රජෙක් හැකි           නම්



4 comments:

  1. හරිම අගෙයි දුල්ෂාන්.............

    කතාව නම් ඇත්ත. සිංහයාට යන්තම් හරි පුළුවන් නම් පළවෙනියට කරන දේ තමයි ඕක. මේ විදිහ සිතුවිල්ලක් නම් හරිම අගෙයි දුල්ෂාන්. ඒ විතරක් නෙමෙයි සිංහයා ගියාම ආයේ එකෙක් හොයාගන්නත් ලංකාවේ නෑනේ............. තුවාල වුණ සිංහ පැටියෙක් හම්බන්තොටනම් ඉන්නවාලු.....................

    ReplyDelete
  2. ගොඩක් ස්තුතියි කුරුටු ගෑ ගී පවුර..
    ආයේ හොයාගන්නවා නම් දැන් මේ රටේ වෙන දේවල් බලාගෙන නිහඩව ඉන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන නෙහ් ..:) හම්බන්තොටින් හොයාගත්තොත් නම් ගොඩක් ගැලපෙයි..

    ReplyDelete
  3. දහම පොත් තුල දිරයි තැන තැන
    වියලි බෝ පත් පෙනෙයි සිව් කොන
    ඉතාමත් අගනා කල්පනාවක්.ගමේ පන්සලෙන් ක්ෂය වී යන දහම් පාසල සහ ඊනියා පොෂ් ජීවිත හඹා යන සිහි විකල් වූ මිනිසුන් යයි සිතාගන්නා අමුතු සත්වයින් කොටසක් ජීවත් වෙන ලෝකයට මේවා තේරෙන එකක් නැහැ. නමුත් බාගෙට හරි තේරන අය සම්පුර්නෙන් ඉගෙන ගත්තොත් අර නොතේරෙන අයට ත් පාඩමක් වෙයි. ඇත්තටම මේ වෙන දේවල් ගැන තියෙන්නේ දුකක්ද කලකිරීමක්ද කියන දේ මට වත් වැටහෙන්නේ නැහැ. ඉතාමත් වටිනා සිතිවිල්ලක්...ලස්සනට පද වලට ගැලපිලා තියනවා......

    ReplyDelete
    Replies
    1. දහම පොත් පත් වලට පමණක් සිමා වෙලා, එය මිනිස්සුන්ගේ ජිවිත වලින් ඇත් වෙලා. ම්නිස්සු ලේසි පහසු ක්‍රම වලින් සැනසීම හොයන්න හදනවා. උදේ හවස පිරිත් ඇසීමෙන්, සෙත් කවි ඇසීමෙන් පමණක් අපි හිතන පතන දෙවල් ලගා කරගන්න හදනවා. අධ්‍යාත්මික දියුණුව ලගාකර ගත්තොත් ලෞකික දියුණුව ඉබේම අප වෙත ලගා වේවි. මම හිතන්නේ ධර්මය අපි තුල පුරුදු පුහුණු කිරීමෙන් පමණයි එය කල හැක්කේ. මේ දේවල් නිකන් හිතට ආවට කිව්වේ..
      ඉතින් අදහස් දක්වීමට ගොඩක් ස්තුතියි බාලා..:)

      Delete