දවසක් දෙකක් යන එනවිට මඟ දැක්ක
කුසුමක් වගෙයි හිනැහෙන විට මා එක්ක
මුදුවක් අතේ පැලඳුවත් ඔහු එක්ක
වදනක් දෙකක් දෙඩුවම වේවිද මක්ක
නිල් නෙතු ලදේ මා දුටුවිට මග හරින
පෙම් සිත නුඹේ කෝ පෙර මා ලග රැදුන
දැන් නැත මගෙ යැයි කිසිවෙකු සිත හදන
දන් නැහැ මීවිතද ව්සදුම සිත අසන