Sunday, June 26, 2011

අහිංසක මකනය...


ඔබට වැරදුන.. සෑම තැනකම
මකා නිවැරදි .. කරන්නට මම
ඔබෙ මිනිරන්..  තුඩග අසලම 
මකනයක් වී..    රැදුනි නිබඳම

මගේ ඉරනම.. නොමැකෙනා ලෙස
කෙලස කටුගා.. දැමූවෙද නුඹ
මකනයයි මම.. තවම නුඹ ලඟ
කිමද මේ.. පෑනක්ව නුඹ අද...

2 comments: