Saturday, January 14, 2012

අහිමි වූ කඳුළ...




මගේ පෙම් හැඟුම් ඔබ මිතුදමින්   වෙලද්දී
ගොලුවෙච්ච වදන් හදවතේ පොර   බඳද්දී
මගතොටේ හමු වෙලා ඔබ සිනහ   නගද්දී
නැගුණු කඳුළත් ගිලිහුනා මට         රිදුම් දී


5 comments:

  1. මාත් මගෙ මිතුරියත් මග තොටේ රෑදෙද්දී
    ඔබෙ දෑස ඈ මතම ආලකම් කරද්දී
    අසරන ව මගෙ දෑස ඔබ දෙසට හෑරෙද්දී
    සිනාසෙමි මුලු හදෙම කදුලු ඉකිගසද්දී

    ...... නිලන්ග

    ReplyDelete
  2. machan ප්‍රේමය කියලත් පොස්ට් එකක් දාපන්.

    ReplyDelete
  3. ලස්සනයි කවිය මචෝ...

    නිලංග කොල්ලට ස්තුතියි comment දැම්මට,
    ප්‍රේමය කියලත් පොස්ට් එකක් දාන්නම්කො...:D

    ReplyDelete
  4. කවි පන්තියක ලියන්න පුළුවන් දිග........ හැගීමක්.පද හතරකට කොටු කරලා තියන අපුරුව.අංශු මාත්‍රයක් වත් අඩු නැතිව..............

    ReplyDelete
  5. හදවතින්ම පැන නගින කවියකට ගොඩක් දේවල් කියන්න පුලුවන්නෙ නේද....
    ගොඩක් ස්තුතියි මහේෂ්ක...

    ReplyDelete