Tuesday, May 7, 2013

වෙයන්, පල ඇති රුකක් හැම හට..



රුවැති කුසුමන් දරන           තුරු හිස
මිහිරි සුවඳක් හමා               දස දෙස
අනෙක් රුක් ගොමු අතර  තම ගොස
පතුරවාලිය නගා                   මදහස

පරවූ කුසුමන් හැලිණි          මිහි මත
සොඳුරු රුව ඒ රුකෙහි      අද නැත
රුවින් මද මල් දැරූ            තුරු මත
රසින් ගුණයෙන් නොඅඩු    පල ඇත

රුව නැතත් ඒ මලක            විලසට
ගුණ ඇතොත් ඵල වේවි       සත හට
රුවින් හිඳ මියැඳුනත්           කුමකට
වෙයන් පල ඇති රුකක්      හැම හට


No comments:

Post a Comment