Monday, June 20, 2011

සොබාදහම...

මල් පිපී තුරු හිසක
සුවඳ විහිදා දසත
ඵල ලබන අරමුනක
ඉඟි කලා බඹරුනට

බඹරු දස අත ඇදෙන
හිනැහෙනා මල් දෙසට
රොනට ඇදුනා මිසක
නොමැත ආලය හදක

එහෙත් උන් එක් වේවි
බඹරු කුස පුරවාවි
මලත් ගැබ්බර වේවි
සැම තුටින් වෙන්වේවි

No comments:

Post a Comment