Saturday, August 6, 2011

නිර්දෝශී හෙර



ඔබ යෙදු දිය පොහොර සමග,
සරුවට දින දින ලියලුව
ඔබ වෙනුවෙන් හදෙහි ඉපදි,
ආලය නම් පුංචි දලුව
තලා නැවත නොනගින ලෙස,
අහවර කර දැම්මෙ මමම
ඔබ හෙරකැයි දැනගත් දින,
මා මිතුරගෙ හිතද ගත්ත

3 comments:

  1. නිර්දෝශී හෙර:
    නුඹ ඔහුගේ සිත් ගත්තට, නුඹ කුමක් කරන්නද....

    ReplyDelete
  2. සිත් ගත්
    නුබ හා ඔහු මට
    මිතුරු වෙසින්
    ආ බඹරිදු
    මිසක නොවේ,
    ආල හැගුම්
    ගී කියනා
    සොදුරු සුපෙම්
    පෙම්වත මගේ..

    ReplyDelete
  3. අසනි,ස්තුතියි ඔබේ පසුවදනට

    වෙලී මා සියොලඟම
    පැහැරගෙන මා සිතම
    පෙම වපුල එ ඔබම
    කියයි නම් දැන් මෙහෙම

    නුඹේ පෙම අතැර මම
    රැක ගත්ත මිතුරු දම
    වඩා වටිනා බවම
    පසක් වෙයි දැන් මටම

    ReplyDelete