අදහස්
ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....
ඔබට හිතන්නට
පුංචි අදහසක්....
Friday, April 17, 2015
වැඩබිම් කවි..
අඹර අරා නැගුනත් මහ මැඳුර තැනූ
අතර මගයි කුඩුවේ වැඩ අපට තැනූ
නිතර සිහිව උවනත නුඹේ කඳුළු ඉනූ
උගුර සිරව නොගිලෙයි බත පතෙහි ඇනූ
Tuesday, April 14, 2015
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!
බක්මහේ තුරුගොමුත් මල් කැකුළු පුරෝගෙන
හෙට දිනක පල බරව හිනැහෙන්න හිතාගෙන
සැවොම තම සිත් පුරා පැතුම් මල් පැළඳගෙන
ජය ලබා සිනාසෙමු අවුරුද්දෙ උදාවෙන
ලොව පුරා වෙසෙන සියලු ශ්රී ලාංකිකයන්ට සුබම සුබ සිංහල දෙමළ අලුත් අවුරුද්දක් වේවා..
Sunday, April 12, 2015
නුඹට,
නුබට මහදම ඇතත් පුදලා
සතුට සැනසුම නැතිලු ලැබිලා
ලොවට හිනැහී කුමට හඬලා
පෙමට සමු දී යමුද මිදිලා
Newer Posts
Older Posts
Home
View mobile version
Subscribe to:
Posts (Atom)