ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Sunday, May 21, 2017




දවසක්      දෙකක් යන එනවිට මඟ       දැක්ක
කුසුමක්     වගෙයි හිනැහෙන විට මා     එක්ක
මුදුවක්       අතේ පැලඳුවත් ඔහු             එක්ක
වදනක්      දෙකක් දෙඩුවම වේවිද         මක්ක

Saturday, May 20, 2017


 

නිල් නෙතු ලදේ මා දුටුවිට මග        හරින
පෙම් සිත නුඹේ කෝ පෙර මා ලග   රැදුන
දැන් නැත මගෙ යැයි කිසිවෙකු සිත  හදන
දන් නැහැ මීවිතද ව්සදුම සිත            අසන

Friday, June 24, 2016

කන්නට යමක් දී යන්නට පුලුවනිද..





ඉන්නට    තැනක් නෑ, එනමුත් මක්      වේද
යන්නට    ලැබුණු අත්වාරුව ඇති    නොමඳ
ගින්නට    කුසේ මෙතුවක් පිළියම්    නොලද
කන්නට    යමක් දී යන්නට            පුලුවනිද

Thursday, February 4, 2016

එපා ආලය







නෙත දොවන කඳුලට 
හද දවාලන සුසුමට 
කුමට ඇරයුම් කොට 
එපා පෙම මං බඳින්නෙමි වැට

Friday, April 17, 2015

වැඩබිම් කවි..



අඹර       අරා නැගුනත් මහ මැඳුර          තැනූ
අතර       මගයි කුඩුවේ වැඩ අපට           තැනූ
නිතර      සිහිව උවනත නුඹේ කඳුළු         ඉනූ
උගුර     සිරව නොගිලෙයි බත පතෙහි     ඇනූ


Tuesday, April 14, 2015

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!




බක්මහේ තුරුගොමුත්  මල් කැකුළු       පුරෝගෙන
හෙට දිනක පල බරව හිනැහෙන්න          හිතාගෙන
සැවොම තම සිත් පුරා පැතුම් මල්          පැළඳගෙන
ජය ලබා සිනාසෙමු අවුරුද්දෙ                  උදාවෙන



ලොව පුරා වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන්ට සුබම සුබ සිංහල දෙමළ අලුත් අවුරුද්දක් වේවා..

Sunday, April 12, 2015

නුඹට,





නුබට      මහදම ඇතත්          පුදලා
සතුට      සැනසුම නැතිලු     ලැබිලා
ලොවට   හිනැහී කුමට          හඬලා
පෙමට     සමු දී යමුද             මිදිලා



Related Posts Plugin for WordPress, Blogger...