ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Saturday, October 8, 2011

Ring tone එක



මගේ දුරකතනයට මුලදි
ඇමතුමක් එන විටදි මහදේ
සොඳුරු හැඟුමන් ජනිත වන සේ
මිහිරි ගීයකි හඬින් ගැයුනේ
 
එදා සිට ඇය ඇමතු දවසේ
ඇසූ සුවහස් ගීත අතරේ
මහද නලවන එකම ගීතේ
වීය එය මී විතක් විලසේ
 
එදත් සුපුරුදු විලස නද දී
ඇගේ අයියයි දෙසුවෙ බෝසේ
ඇසෙනවිට මා සළිත වන සේ
එයම විය බියකරුම ගීතේ
 
අවාරේ සැදි පළතුරක් සේ
නැගෙයි ඉදහිට ගීත රාවේ
තවම නොදනිමි එහි වු අරුතේ
අනේ මන්දා එයයි ගීතේ
 
Related Posts Plugin for WordPress, Blogger...