ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Saturday, July 21, 2012

උම්මත්තකයාගේ බලපොරොත්තුව..






නුඹේ නෙත් යුග සොයා ඔහේ ඇවිදන්   යද්දි
හමුවනා දනන්ගෙන් නුඹ ගැනම       විමසද්දි
නුඹ තෑගි දුන් ඇඳුම හැමදාම           ඇඟලද්දි
කුසට අහරක් නැතත් නුඹම පතමින්       ඉද්දි

මා උමතුවෙන් කියා සැවොම මඟහැර      යද්දි
හෙට දිනේ නුඹ ඇවිත් මාව සිප         සනසද්දි
මා උතුම් පෙම්ව්වතෙක් යැයි ලොවට  පවසද්දි 
මට හිනාවෙන ලොවම ලතවේවි  ඒ       වෙද්දි






Sunday, June 10, 2012

වසරක් සමරණ අදහස්...




ඔන්න මාත් බ්ලොග් ලියන්න පටන් අරන් අවුරුද්දක් ගත උනා.හැබැයි අවුරුද්ද සම්පූර්ණ උනේ මැයි මාසෙ 14 වෙනිදට. තිබුන වැඩ කටයුතුත් එක්ක ලිපියක් පලකරගන්න වෙලාවක් නැති උනා.ඔන්න පරක්කු වෙලා හරි අවුරුද්දෙ සංවත්සරය සමරන්නයි මම ලැහැස්ති වෙන්නෙ.

 අවුරුද්දක් පුරාවට මගේ අදහස් 39ක් පලවෙනකොට යාලුවොත් 38 දෙනෙක් "අදහස්" වටේට එකතු උනා.කැම්පස් එකේ වැඩ කටයුතුත් එක්ක සමහර මාස වල ලිපි පලකලේ හරිම අපහසුවකින්.සිය ගනන් ලිපි පලවෙන බ්ලොග් අතරෙ මම ඉන්නෙ තවම පුංචියි. ඉතින් කොහොම කොහොම හරි අවුරුද්දකුත් ගත උනානෙ.දහසකුත් එකක් වැඩ රාජකාරි මැද්දෙ මගේ බ්ලොග් පිටුවට යන්තමින් හරි ගොඩවෙලා යන්න අමතක නොකරපු, මගේ අදහස් කියවපු, ඒ ගැන අදහස් යෝජනා පලකරපු, වචනයකින් හරි මාව දිරිමත් කරපු හැමෝටම ස්තුති කරන්න ඕන.

මින් ඉදිරියටත් හැකිතාක් කල් මගේ අදහස් ඔබ වෙනුවෙන් පලකරන්න මම උපරිමයෙන්ම උත්සහ කරනව. ඔබටත් වසරක් පුරා මා සමඟ සිටියා සේම තව ඉදිරියටත් මා හා රැඳි සිටින්නට මගේ මුලු හදවතින්ම අරාධනා කරනව...
 

Friday, April 13, 2012

සුභම සුභ අළුත් අවුරුද්දක්...!





වස්සාන සිහිලේ..
තුරු මලින් බර වේ..
පැතුම් මල් ඔබගේ..
පුබුදුවන් එලෙසේ..
  
නැවුම් හෙට දවසේ..
තුරු පලින් බර වේ..
ඔබ පැතුම් එලෙසේ..
පල දරයි සිතු සේ..

 

  ලොව පුරා සිටින සියලු සිංහල දමිළ ශ්‍රී ලාංකිකයන්ට සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා...!

Wednesday, April 11, 2012

හදේ අනුනාදය...

 
 
නුඹේ උණුහුමට මගෙ හදේ තත් සුසර        වී
නුඹේ හදවත සමඟ මෙලෙස අනුනාද          වී
නුගැසුමක් වත් ඉඳින් කිසිදාක ඇති      නොවී
එකම සංඛ්‍යාතයෙන් සැලෙන් ඇති තෙක්  දිවී
 
 

Tuesday, March 13, 2012

යාචකයෝ...



නේක අරමුණු දරන්
මුසපත්ව ඇති දනන්
නැවතුනත් මොහොතකට
නැවතුමේ සෙවන යට
රියක් එන තුරු යනෙන..
ඔවුන්ගේ අඳ නෙතින්
මග බලන රිසියෙන්
ඔවුන් දෙස මුව යොමන
හිරු එලිය නොම දකින,
ඔහුට එය නිවහනයි..
දිගු සසර ගමනේ
එකම අරමුනක් වෙත
අපි එකට යන නමුත්,
මේ පුංචි මාවතේ
දුර පෙනෙන අරමුණක්
ොමැති එක චරිතයක්
පමණක්ම නොවෙද ඔහු...
 

Friday, February 17, 2012

නුඹේ පෙම කළ හදිය...



දුර බලා හිඳින නෙතු
පිය ගසන ඇසිල්ලක
නුඹ රුවම මා වෙතට
රැගෙන එන අපූරුව

එවිට හද පුරාවට
කිතිකවා නැගෙන පෙම
ගතම පුබුදන කලක
මුවින් සඟවනු කෝම

තනිව හිනැහෙනා මට
සිනහ වෙන මිතුරන්ට
විහිලු කරනා උන්ට
වෙන කුමක් කියනෙම්ද..

"නුබේ ආලය මහට
කරපු හදියක්ම මිස"

Sunday, February 5, 2012

තේරුම් ගතිමි..




වියලෙනා සිත්    මලට
සිහිල් පින්නක්  ලෙසට
මව් පියන්ගෙන්    මහට
ලැබෙන ආලේ     යසට
උඬගු ඔබගේ     පෙමට 
වඩා වටිනවා...       මට
 
Related Posts Plugin for WordPress, Blogger...