ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Tuesday, January 1, 2013

උදා වූ 2013 නව වසර සැමටම සුභම සුභ නව වසරක් වේවා...!




ගෙවුන ගිය වසර මුලුමනින් ඉවතට නොලා
දිනුම් පැරදුම් අතර උගත් පාඩම්          බලා
සිහි තබන් පියනගමු තවත් සවිමත්    වෙලා
නව වසර පුරා එයි පැතුම් මල්         පිබිදිලා 



ගිය වසරේ මුහුන දුන්  බාධක, හැලහැප්පිම්, ගැටලු  ආදී සියලු දේ ජිවිතයට ශක්තියක් කරගෙන බලාපොරොත්තු ප්‍රාර්ථනා අලුත් කරගෙන 2013 නව වසරට නැවුම් ලෙස ගොඩවදිමු...!


Saturday, December 15, 2012

එපා ඔබ යළි එන්න...




 
ඔබ මුවින් බැහැර කල
කෙල පිඬක් නැවත මුව
හුවා රස විදින්නට
නොහැකිවා සේ ඔබට
දැනෙන හැඟුමම සිතට
මට මාව අහිමි කර
මා දමා ගියපු ඔබ
දුටුවාම හැඟෙයි මට
 

Wednesday, October 10, 2012

සමනළයා..







පිපුන මල    හිනැහිලා
සුවඳ විහිදා          බලා
නෙතින් ඇරයුම්  කලා
හද ගින්න වැඩි    කලා

මලේ නුඹ මගෙ  වෙලා
හදින් එක් තැන්   වෙලා
ගතින් නැත හිමි   වෙලා
මුත් හිඳිමි ලං       වෙලා

සුමුදු පෙති මත  සරා
සුවඳ පමනක්    උරා
නුඹ ලියා දෙන  තුරා
හිදිමි කල් මර   මරා


Sunday, September 16, 2012

මගේ ජීවිතය දැන්..




ඔබේ තෙලි තුඩින් ඇඳි
නිම නොකල සිතුවමකි
මගේ ජිවිතය දැන්
කිසිම තෙරුමක් නැති..


Saturday, July 21, 2012

උම්මත්තකයාගේ බලපොරොත්තුව..






නුඹේ නෙත් යුග සොයා ඔහේ ඇවිදන්   යද්දි
හමුවනා දනන්ගෙන් නුඹ ගැනම       විමසද්දි
නුඹ තෑගි දුන් ඇඳුම හැමදාම           ඇඟලද්දි
කුසට අහරක් නැතත් නුඹම පතමින්       ඉද්දි

මා උමතුවෙන් කියා සැවොම මඟහැර      යද්දි
හෙට දිනේ නුඹ ඇවිත් මාව සිප         සනසද්දි
මා උතුම් පෙම්ව්වතෙක් යැයි ලොවට  පවසද්දි 
මට හිනාවෙන ලොවම ලතවේවි  ඒ       වෙද්දි






Sunday, June 10, 2012

වසරක් සමරණ අදහස්...




ඔන්න මාත් බ්ලොග් ලියන්න පටන් අරන් අවුරුද්දක් ගත උනා.හැබැයි අවුරුද්ද සම්පූර්ණ උනේ මැයි මාසෙ 14 වෙනිදට. තිබුන වැඩ කටයුතුත් එක්ක ලිපියක් පලකරගන්න වෙලාවක් නැති උනා.ඔන්න පරක්කු වෙලා හරි අවුරුද්දෙ සංවත්සරය සමරන්නයි මම ලැහැස්ති වෙන්නෙ.

 අවුරුද්දක් පුරාවට මගේ අදහස් 39ක් පලවෙනකොට යාලුවොත් 38 දෙනෙක් "අදහස්" වටේට එකතු උනා.කැම්පස් එකේ වැඩ කටයුතුත් එක්ක සමහර මාස වල ලිපි පලකලේ හරිම අපහසුවකින්.සිය ගනන් ලිපි පලවෙන බ්ලොග් අතරෙ මම ඉන්නෙ තවම පුංචියි. ඉතින් කොහොම කොහොම හරි අවුරුද්දකුත් ගත උනානෙ.දහසකුත් එකක් වැඩ රාජකාරි මැද්දෙ මගේ බ්ලොග් පිටුවට යන්තමින් හරි ගොඩවෙලා යන්න අමතක නොකරපු, මගේ අදහස් කියවපු, ඒ ගැන අදහස් යෝජනා පලකරපු, වචනයකින් හරි මාව දිරිමත් කරපු හැමෝටම ස්තුති කරන්න ඕන.

මින් ඉදිරියටත් හැකිතාක් කල් මගේ අදහස් ඔබ වෙනුවෙන් පලකරන්න මම උපරිමයෙන්ම උත්සහ කරනව. ඔබටත් වසරක් පුරා මා සමඟ සිටියා සේම තව ඉදිරියටත් මා හා රැඳි සිටින්නට මගේ මුලු හදවතින්ම අරාධනා කරනව...
 

Friday, April 13, 2012

සුභම සුභ අළුත් අවුරුද්දක්...!





වස්සාන සිහිලේ..
තුරු මලින් බර වේ..
පැතුම් මල් ඔබගේ..
පුබුදුවන් එලෙසේ..
  
නැවුම් හෙට දවසේ..
තුරු පලින් බර වේ..
ඔබ පැතුම් එලෙසේ..
පල දරයි සිතු සේ..

 

  ලොව පුරා සිටින සියලු සිංහල දමිළ ශ්‍රී ලාංකිකයන්ට සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා...!
Related Posts Plugin for WordPress, Blogger...