ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Sunday, March 17, 2013

සඳ..



මගේ ලෝකෙට එලිය අරගෙන හිරු විලස පියනගන       පුතුනේ
දවස තිස්සෙම නුඹට දැන් මගෙ අඳුර නැසුමට නොහැකි   වන්නේ
නුඹ නොමැති ඒ අදුරු රැයකදි කවුද මගෙ තනිකම      මකන්නේ
නුබේ මිතුරන් රැස් උනත් උන් අහසෙ තරු මෙන් දුරයි     ඉන්නේ
නුඹෙන් අරගත් එලිය අතරට සිහිල එක්කර අරන්          එන්නේ
නුඹට වැඩියෙන් ලඟින් ඉන්නා නුඹ ගෙනා ඒ සඳයි         පුතුනේ

 

Thursday, February 28, 2013

දුම්රියෙදි මා වසඟ කල ළිය..



දුටිමි වරකදි සොඳුරු ඔබෙ රුව
සිනා පිරි මුව නටන දෙනුවන
බැලිමි නැවතද නැවත නැවතද
මිතුරු කැල මැද රඟන ඔබෙ රුව

මගේ හදවත ගැහෙන රාවය
ඇසේ දෙසවන බිහිරි කරමින
ගතේ රුධිරය රත්ව උණු විය
නැගුන දහදිය සිසිල ගෙන දිය

වරක් දෙවරක් මදෙස යොමු වෙන
නුබේ දෙනුවන නොදනි මා ගැන
මැදිරියේ සිටි  පිරිස අතරින
ඔබට මා එක රුවකි නොවටින

නොදැන හෝරාවකුත් ගත විය
බොහෝ දුරකට මාව ගෙන ගිය
සොඳුරු නැවතුමකදී බැස ගිය
කවුරුදැයි නොම දනිමි ඒ ලිය
 
 

Wednesday, February 6, 2013

ඉකිගසා හඬනු මැන, දුක තුනී වී යන්න..



අඳුරු මුව අයා නුබ
පිනි කඳුලු හෙලා කිම

මහා කම්හල් බිමෙන්
නැගෙන විශ දුම් වලින්
නුඹව අපවිත්‍ර වන
නිසාවෙන් තරහින්ද

පාලු ගොවි බිම් පුරා
නැගෙන සුසුමන් කන්ද
නුඹේ හද අවුලයිද
සොවින් නුඹ කරබන්ද

ගිනිගසා දැවෙන බිම
දෙස බලා ඔරවගෙන
පලක් නෑ නොවෙද හිඳ
නුඹේ සුව අවැසි අද

වියලි ඉරිතැලූ බිම
දෝරෙ ගලලා යන්න
මලින තුරුපත් මුදුන්
සුවඳ මල් පුබුදන්න

ඉකිගසා හඬනු මැන
දුක තුනී වී යන්න
  

මම පුත්තලමෙ සිමෙන්ති කම්හලේ පුහුණුවට ගිහින් ඉන්න දවස්වල, ගහකොල මැරිල ගොවි බිම් පාලු වෙලා යන තරමෙ මහා පෑවිල්ලක් තිබුන එහෙ.ටික දවසකින් වැහි වලාකුලු පිරිල අහස බර වෙලා පෑවිල්ල ඉවර ඉවරවෙන ලකුණු ආවත්, එ විදියටම වහින් නැතුව  පුංචි පොදක් විතරක් ඇවිත්, වැස්සට අර අදිමින් දින ගණනාවක් තිබුන. ඒ දවස් වල මගේ හිතට ආපු අදහසක් තමයි මේ. හැබැයි ඊට පස්සෙ නම් කවදාවත් යට නොවුනු පැතිත් යටවෙන්න මදි නොකියන්නම වැස්ස.  

Tuesday, January 1, 2013

උදා වූ 2013 නව වසර සැමටම සුභම සුභ නව වසරක් වේවා...!




ගෙවුන ගිය වසර මුලුමනින් ඉවතට නොලා
දිනුම් පැරදුම් අතර උගත් පාඩම්          බලා
සිහි තබන් පියනගමු තවත් සවිමත්    වෙලා
නව වසර පුරා එයි පැතුම් මල්         පිබිදිලා 



ගිය වසරේ මුහුන දුන්  බාධක, හැලහැප්පිම්, ගැටලු  ආදී සියලු දේ ජිවිතයට ශක්තියක් කරගෙන බලාපොරොත්තු ප්‍රාර්ථනා අලුත් කරගෙන 2013 නව වසරට නැවුම් ලෙස ගොඩවදිමු...!


Saturday, December 15, 2012

එපා ඔබ යළි එන්න...




 
ඔබ මුවින් බැහැර කල
කෙල පිඬක් නැවත මුව
හුවා රස විදින්නට
නොහැකිවා සේ ඔබට
දැනෙන හැඟුමම සිතට
මට මාව අහිමි කර
මා දමා ගියපු ඔබ
දුටුවාම හැඟෙයි මට
 

Wednesday, October 10, 2012

සමනළයා..







පිපුන මල    හිනැහිලා
සුවඳ විහිදා          බලා
නෙතින් ඇරයුම්  කලා
හද ගින්න වැඩි    කලා

මලේ නුඹ මගෙ  වෙලා
හදින් එක් තැන්   වෙලා
ගතින් නැත හිමි   වෙලා
මුත් හිඳිමි ලං       වෙලා

සුමුදු පෙති මත  සරා
සුවඳ පමනක්    උරා
නුඹ ලියා දෙන  තුරා
හිදිමි කල් මර   මරා


Sunday, September 16, 2012

මගේ ජීවිතය දැන්..




ඔබේ තෙලි තුඩින් ඇඳි
නිම නොකල සිතුවමකි
මගේ ජිවිතය දැන්
කිසිම තෙරුමක් නැති..


Related Posts Plugin for WordPress, Blogger...