මුහුණට මුහුණ හිඳ හසරැලි සිරි වින්ඳ
සියුමැලි ඇඟිලි තුඩු මා හද පිරිමැද්ද
කාටත් හොරෙන් මට මල් හී සර විද්ද
මිතුරිය නුබට ලං වනු බෑ දුක නැද්ද
හිමිකම් කියයි මලකට මා පෙර සිටම
නුබටත් මගේ හදවත පුද දෙනු කොහොම
දුම්රිය පලින් බැස සමුගෙන යන විටම
නුබගේ මතක හැර යන්නට සිතුවෙ මම
එනමුදු තවම සිහි වෙයි නුබගේ උවන
නුබ හඬ රැගෙන එයි හමනා විට පවන
හදවත තබා පසෙකින් මෙහෙවා නුවන
පතනෙමි ලෙසට කිසිදා යලි හමු නොවන