සරසවි ජීවිතය පටන් ගත්තු දවසෙ ඉදන්ම උනෙ ටිකෙන් ටික කෙලවෙන එක. 3 වෙනි semester එකෙදි තමයි ලොකුම කඩා වැටීම උනේ. ඉතින් මම හිතුව දන්වත් නැගිටින්න පටන්ගන්න ඕන කියල.ඔන්න ඒකට ආරම්භයක් ගන්න මටම වගේ ලොකු නිවාඩුවකුත් ලැබුනා.ඒ ඇසිල්ලෙන් මේ blog එක පටන් ගත්තෙ තවත් මම වගෙම නැගිටින්න බලන් ඉන්න කෙනෙකුට පුංචිහරි තල්ලුවක් දෙන්න පුලුවන් වෙයි කියල හිතාගෙන.
මම පොඩි කාලෙ ඉදන්ම කවියට ආස කරනව. මම විශ්වාස කරන විදිහට හුගක් දේ කෙලින්ම අමුවෙන්ම කියනවට වඩා කවියෙන් කියන එක හිතට දැනෙනව. ඒ හින්ද වැඩි හරියක්ම කවි පලකරන්න තමයි හිතාගෙන ඉන්නෙ.ඉතින් ඒ කවි එක හුස්මටම කියවල දාන්නෙ නැතුව,කිහිප වතාවක්ම කියවල බලල මතුපිටින් පෙනෙනවට වැඩිය ගන්න යම් අදහසක් ඒ තුල තියෙනවද කියල පොඩ්ඩක් හිතල බලන්න.එතකොට තමයි මගෙ අදහසත් ඉෂ්ඨ වෙන්නෙ.
මටතේරෙන විදිහට මේ රටට දැන් ඕන කරන්නෙ ආකල්ප විප්ලවයක්.උපන්දා සිට යුද්ධයේ ගිනිදැල් දැකපු අපේ හිත් තුල පරාජිත හැගීම් මුල් බැහැගෙන තියෙන්නෙ. ඉතින් අපේ හිත් තුලින් පරාජයේ වල් පැලෑටි උගුල්වා දමා ජයග්‍රහනයේ බීජ වපුරන්නට නැගී සිටිය යුතු කාලයයි මේ..
නියමයි නියමයි
ReplyDeleteස්තුතියි වැප්....
ReplyDeletejaya wewa..!!
ReplyDeleteස්තුතියි රෙඩ්..
Delete