නේක අරමුණු දරන්
මුසපත්ව ඇති දනන්
නැවතුනත් මොහොතකට
නැවතුමේ සෙවන යට
රියක් එන තුරු යනෙන..
ඔවුන්ගේ අඳ නෙතින්
මග බලන රිසියෙන්
ඔවුන් දෙස මුව යොමන
හිරු එලිය නොම දකින,
ඔහුට එය නිවහනයි..
දිගු සසර ගමනේ
එකම අරමුනක් වෙත
අපි එකට යන නමුත්,
මේ පුංචි මාවතේ
දුර පෙනෙන අරමුණක්
නොමැති එක චරිතයක්
පමණක්ම නොවෙද ඔහු...
ගෙවා දමනුව විනා
ReplyDeleteඋදාවන හැමදිනක්
අලුත් අරමුණක් වෙන
සිතේ නොනැගේ තවත්
මා ළඟින් එහෙ මෙහෙට
යනෙන මහතුනි උගත්
අනුකම්පා බැල්මකින්
කුමන පලයද කියන්
හරිම අර්ථවත්....
ගොඩක් ස්තුතියි, සිතඹරට....
ReplyDelete