බස් රථ වල හඬ පරයා, උදේ ඉඳන් ගී ගයලා
සත්සර මුව හැර දමලා, හිරු යන විට බැහැලා
ඉදිකඩ ළඟ නෙතු දල්වා, මා එනතුරු මඟ බලලා
සිටි දියණිගෙ සිත සනසා, ලමි තුරුලට ගෙන සිබලා
දියණිගේ කුසගිනි නිවන්නට හදේ ගිනි අවුලා තියා
මම නුබේ පැන නොඇසෙනා මෙන් හිඳිමි තෙත්වුන නෙතු පියා
හඬට සුවයක් නොලදහොත් අද, මහ හඬින් හෙට දින ගයා
නුබේ කුසගිනි නිවනු කොහොමද දෙපා නැති වැන්දබු පියා
දියණියේ ඔබ හා දොඩන්නට වදන් ඇති මුත් සිත පුරා
හෙට දිනේ මහ මඟ ගයන්නට වදන් සුරකිමි රනයුරා
දුවේ උගතෙකු වෙලා මතු නුබ මගේ වෙහෙසෙහි පලදරා
ආවොතින් ළඟ හිඳ ගයන්නම් මගේ හඬ වියැකෙන තුරා
එක හැන්දෑවක බස් රථයකදී මට මුණගැහුණු බැරැන්ඩි හඬින් ගීතයක් ගායනා කල අබාධිත පුද්ගලයෙකු පිටුපස ඇතැයි මගේ සිතේ ගොඩ නැගුණු කතාව..