බස් රථ වල හඬ පරයා, උදේ ඉඳන් ගී ගයලා
සත්සර මුව හැර දමලා, හිරු යන විට බැහැලා
ඉදිකඩ ළඟ නෙතු දල්වා, මා එනතුරු මඟ බලලා
සිටි දියණිගෙ සිත සනසා, ලමි තුරුලට ගෙන සිබලා
දියණිගේ කුසගිනි නිවන්නට හදේ ගිනි අවුලා තියා
මම නුබේ පැන නොඇසෙනා මෙන් හිඳිමි තෙත්වුන නෙතු පියා
හඬට සුවයක් නොලදහොත් අද, මහ හඬින් හෙට දින ගයා
නුබේ කුසගිනි නිවනු කොහොමද දෙපා නැති වැන්දබු පියා
දියණියේ ඔබ හා දොඩන්නට වදන් ඇති මුත් සිත පුරා
හෙට දිනේ මහ මඟ ගයන්නට වදන් සුරකිමි රනයුරා
දුවේ උගතෙකු වෙලා මතු නුබ මගේ වෙහෙසෙහි පලදරා
ආවොතින් ළඟ හිඳ ගයන්නම් මගේ හඬ වියැකෙන තුරා
එක හැන්දෑවක බස් රථයකදී මට මුණගැහුණු බැරැන්ඩි හඬින් ගීතයක් ගායනා කල අබාධිත පුද්ගලයෙකු පිටුපස ඇතැයි මගේ සිතේ ගොඩ නැගුණු කතාව..
දුල්ෂාන්................................
ReplyDeleteසංවේදී රචනාවක්... බස්රථ වල ගී කියන දෙපා නැති වැන්දඹු පියා... හරිම සංවේදීයි දුල්ෂාන්.. අත්දැකීමක් වෙන්න ඇති.. බසයක දී ලැබුණු... ඒකයි කවිය මේ තරම් සාර්ථක...
ඇත්තෙන්ම මගේ හිතට දැනුනු සිද්දියක් ඇසුරෙන් තමයි මේක නිර්මාණය කලේ.. ස්තුතියි ඔබේ අගය කිරිමට, කුරුටු ගැ ගී පවුර..
Deleteඔව් දුල්ෂාන් අපිට දැනුණ දෙයක් ගැන ලියන්න ගත්තා ම නිර්මාණය සාර්ථක වෙනවා. අනික තමයි අත්දැකීමක් ගැන ලියන්න ගියාම හිතේ තියෙන හැගීම ලියැවෙන හින්දා ඒක සාර්ථක වෙනවා කියලයි මටත් දැනිලා තියෙන්නේ... දිගට ම ලියමු... පුළු පුළුවන් වෙලාවට කවි ලියමු............ අපි උපරිම සහයෝගය
Deleteඇත්ත, ඒ දේ මටත් දැනිල තියෙනව කුරුටු ගෑ ගී පවුර..
Deleteතව තව ලියන්න ඔබේ ඒ සහයෝගය මට ගොඩක් වටිනවා :)
දැනෙන කවි පද ටිකක්..!!
ReplyDeleteඔබට දැනුන නම් සංචාරකතුමා, ඒ මගේ සාර්ථකත්වය.. :)
Deleteස්තුතියි ඔබට..