හිමිකමක් නැති කමින්
මේ පොළොවෙ මා නමින්
ඉබාගාතේ යමින්
තැවෙමි ලද බලු කමින්
නිදන්නට වකුටු වී
බුදින්නට සතුටු වී
නොදෙන්නට සතුරු වී
මිනිස්සුන් පවිටු වී
සුවඳ අහරක දැනී
නැඟුනි කුස තුල ගිනී
කන්න පින නෑ දනී
හද නැගෙයි සෝ ගිනී
නොදැන පා එසවුනී
ගෘහණියට හසු වුනී
ගලක් අත අරගනී
පරුෂ වචනෙන් බනී
ගල් සරින් බේරිලා
ගෙවත්තෙන් නික්මිලා
මාවතට පිවිසිලා
සිටියෙ සුසුමක් හෙලා
යනෙන රථ ඉගිලිලා
වලට මං මදිවෙලා
සිටියොතින් තව වෙලා
යාවි දිවි තොර වෙලා
අතීතයේ සිට වෙලා සුමිතුරු
මිනිස්සුන් ළඟ රැඳුනි නිරතුරු
කැලෙත් දැන් නැති වෙලා ගොස් හුරු
අපිට ඇයි මේ තරම් උවදුරු
මගේ වගේම බ්ලොග් එකක්.....
ReplyDeleteඔව් නෙහ්.. මම කලින් ගොඩවෙලා තියෙනව ඔබේ බ්ලොග් පිටුවට..
Deleteඅගේ අැති පද ටික..... අහිංසක සතුන්.............
ReplyDeleteමිනිස්සුන්ගේ ආත්මාර්ථකාමී වැඩ නිසා අහිංසක සත්තුන්ට කොච්චර හිංසා වෙනවද, කොච්චර ජිවිත නැති වෙනවද ..
Deleteඇත්තටම බල්ලො මතක් වෙනව
ReplyDeleteඑක තමයි මගේ අරමුණ.. ස්තුතියි වැව් ඉස්මත්තට..
Deleteමේ විදියට සිතන්නට ඔබට හැකි වීම කොයිතරම් දෙයක්ද?
ReplyDeleteමෙතරම් බෞද්ධයො ඉන්න රටේ , කකුල් හතර යහතින් තියන බල්ලෙක් පාරක තොටක දකින්න ලැබුනොත් පුදුමයක්. කුණු බාල්දියේ විසි කරන ඉඳුලක් හරි අහුලන් කන්න ආවොත් ඒ අහිංසක සතුන්ට ලැබෙන සංග්‍රහය පොඋ පාරක්,උනු වතුර පාරක් තමයි.
බල්ලෙක් අපේ දිහා බලන්නෙ කොයි තරම් ආදරයක් ඇස් වල පුරවගෙනද? එයාල ඉල්ලන්නෙ බඩගින්නට කෑම ටිකකුයි ආදරය, කරුණාව ටිකකුයි. ඒ වෙනුවට ජීවිතය පරදුවට තබන්න කැමති මිත්‍රත්වයක්, අවන්කකමක් ඒ අහිංසක හිත්වල පිරිලා තියෙනවා.
තමන්ගෙ දරුවො ඉපදුනාම පුලුන් කොට්ටෙ උඩ තියන ගමන්, බැල්ලිගෙ , පූසිගෙ පැටව් ටික පාරට ගිහින් දාන්න තරම් ''මානුශික''යි බහුතරය. ඒ බලු/පූස් අම්මට දැනෙන දරු දුක, පුංචි බබාලට දැනෙන අනාරක්ශිත බව කාටද පේන්නෙ?
පුලුවන් තරම් මම මේ වගේ අයට පිහිට වෙනවා. කරදරයක් තමයි.ඒත් අපිත් නැත්නම් මේ විශාල අනාරක්ශිත ලෝකයෙ එයාලට කවිරුවත්ම නැති වෙයි නේද?
ඔබට ගොඩක් පින් මේ විදියට හරි මේ වගෙ අදහස් සමාජ ගත කරනවට.
ඔබේ කතාව සහතික ඇත්ත. බල්ලෝ කියන්නෙ මිත්‍රත්වය වෙනුවෙන් ජීවිතය පරදුවට තියන්න පුළුවන් සතෙක්. දවසින් දවස දියුණු වෙන ලෝකේ ඒ අසරණ සතුන්ට තියෙන ඉඩ ටික ටික අඩුවෙලා ඔවුන් තවත් අසරණ වෙනවා.. ගොඩාක් ස්තුතියි ඔබේ අදහසටත්.. :)
Delete