ඇරඹුවත් නුඹ නමින් කවි පෙලක් පබදින්න
කිම වදන් පැකිලෙන්නෙ ඒ හැඟුම් පවසන්න
නුඹ ඇවිත් මගේ මුලු හිත් අහස සරසන්න
හිත නොමැත නුඹ අතැර වදන් සොයමින් යන්න
ඒ කවිය නුඹ නමට කෙලෙස හෝ අමුණන්න
අවැසි නෑ තව තවත් එලි සමය රැකගන්න
උවම් නැති උනත් ඒ කවිය හැඩ කරවන්න
වදන් වත් දෙනු මැනවි කවිය නිම කරගන්න
kawi bandina sithak atha wadan nethu dowana
ReplyDeletehangei numba sandak leda kawi ahasa morana
asannada sabnda ek deyak noma therena
Ithin kima thawath pada soyannata karana
කියන්..
ReplyDeleteනුඹ දකිනවද
මා නොලියනා කවිත්..?
exam තිබුන නිසා ගොඩ දවසකට පස්සෙ blog එකට ගොඩ උනේ..
ReplyDeleteස්තුතියි sameera ඔබේ පසුවදනට,
ඇයට කවි ලියන්නට වදන් නොම ගොනුවෙනා
ඇයව සිහිවන විටදි පන්හිදත් ගොලුවෙනා...
malithi,
ReplyDeleteස්තුතියි ඔබේ පසුවදනටත්...
වදන් නැත මුමුනනා
දෙනෙත් දොඩමලු වෙනා
කවත් නුඹ නොලියනා
දෙනෙත් වල ලියැවුනා..
පද ඇතත්
ReplyDeleteහිත ඇතත්
නැත කවක්
ලියන්නට.............................
වෙලාවකට,
Deleteපද ඇතත්
කවි ඇතත්
හිත නැතිය
ලියන්නට..
ස්තුතියි සේයා..