අඳුරු මුව අයා නුබ
පිනි කඳුලු හෙලා කිම
මහා කම්හල් බිමෙන්
නැගෙන විශ දුම් වලින්
නුඹව අපවිත්‍ර වන
නිසාවෙන් තරහින්ද
පාලු ගොවි බිම් පුරා
නැගෙන සුසුමන් කන්ද
නුඹේ හද අවුලයිද
සොවින් නුඹ කරබන්ද
ගිනිගසා දැවෙන බිම
දෙස බලා ඔරවගෙන
පලක් නෑ නොවෙද හිඳ
නුඹේ සුව අවැසි අද
වියලි ඉරිතැලූ බිම
දෝරෙ ගලලා යන්න
මලින තුරුපත් මුදුන්
සුවඳ මල් පුබුදන්න
ඉකිගසා හඬනු මැන
දුක තුනී වී යන්න
මම පුත්තලමෙ සිමෙන්ති කම්හලේ පුහුණුවට ගිහින් ඉන්න දවස්වල, ගහකොල මැරිල ගොවි බිම් පාලු වෙලා යන තරමෙ මහා පෑවිල්ලක් තිබුන එහෙ.ටික දවසකින් වැහි වලාකුලු පිරිල අහස බර වෙලා පෑවිල්ල ඉවර ඉවරවෙන ලකුණු ආවත්, එ විදියටම වහින් නැතුව පුංචි පොදක් විතරක් ඇවිත්, වැස්සට අර අදිමින් දින ගණනාවක් තිබුන. ඒ දවස් වල මගේ හිතට ආපු අදහසක් තමයි මේ. හැබැයි ඊට පස්සෙ නම් කවදාවත් යට නොවුනු පැතිත් යටවෙන්න මදි නොකියන්නම වැස්ස.
හා ලක්ෂන කවි පද..
ReplyDeleteස්තුතියි අමිල,
Deleteඔයත් සාදරයෙන් පිළිගන්නව මගේ අදහස් වලට...
පංකාදු කව් පද ටිකක් මලයා..යටි පෙළ විස්තරයත් එක්ක ගත්තාම හරිම නිර්මාණාත්මකයි කියා දැනෙනවා..හැම කාව්‍යයකම පසුබිමත් කියනවා නං එය විදින්නාට වාසියි කියා හිතතෙනවා.
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
එක හරි නලින් අයියා, ගොඩක් කවි පිටිපස්සෙ ලස්සන ලස්සන කතා තියෙනවනෙ..
Deleteස්තුතියි හොඳේ..
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteඅවසර,
Deleteරජතුමාටත් ස්තුතියි සටහනක් තිබ්බට.ආයෙත් ඇවිත් යන්න එන්නකො මේ පැත්තෙ
හැබැයි කතාවක් තියෙනවා පායලා පායලා වහින වැස්සට තෙමෙන්න හොඳ නෑ කියලත්....... බලාගෙනයි දුල්ෂාන්.......
ReplyDelete