සරසවිය තෝතැන්න
විය අපට හමුවෙන්න..
විය අපට හමුවෙන්න..
මඟසර නොම දන්න
දිනේ සිට පියමැන්න..
වැටුනු විට හිනැහෙන්න
කඳුලු පිස දිරි දුන්න..
එක සිතින් ලඟ උන්න
සොඳුරු හදවත් ගොන්න..
අතැර පියඹා යන්න
වාරු නෑ සමුගන්න..
ලඟයි හිරු බැසයන්න
හදයි නෙතු තෙත් වෙන්න..
2009 ජූලි 21 වෙනිද ලස්සන උදෑසන පෝලිමේ ජෝඩු ජොඩු ගිහින් අයියල අක්කල ගෙන් ලැබුනු නෙළුම් මල බුදුසමිදුට පූජ කරල, කිරිබත් කෑල්ලක් කාල පටන් ගත්ත සරසවි ජීවිතය නිල වශයෙන් අවසන් කරපු දිනය අද. ඒ කියන්නෙ අවසන් වසරෙ අවසන් විභාගයේ අවසන් දවස.
සිව් වසරක් කිව්වට අවුරුදු 4 කුත් මාස 7 ක් ගත කරල මතක සැමරුම් ගොඩකුත් එක්ක සොඳුරු හදවත් ගොඩකුත් එකතු කරගෙන මේ බිමෙන් බැහැල අපේම තනි තනි ලෝක හොයාගෙන යන්න කාලය ඇවිල්ල.
තවදුරටත් මේ බිමේ ඇක දාපු, එක බත්පත කාපු, එක අඩුව කාපු, ප්ලේන්ටිය බීපු, නිදි නැතිව දින ගණන් පහන් කරපු, පිරිත් පිංකම්, පහන් පූජා, දන්සල් කරපු, ට්‍රිප් ගිය, සිංදු කියපු, නටපු, රණ්ඩු උනු, ගහගත්තු, ලේ දහඩිය හෙලපු, කී නොකී තව බොහෝ දේ කරපු ඒ සුන්දර කාලය අතීතයට බාරදීල අවුරුදු 25 කටත් වඩා කාලයක් කන්න බොන්න දීල, හදා වඩා ගත්තු අම්මා තාත්තාට යුතුකම් ඉටු කරන්න,නිදහස් අධ්‍යාපනයෙන් මේ තරම් දුරට ඉගෙනගන්න දීපු රට වෙනුවෙන් වගකීම් ඉටු කරන්න යා යුතුයි.
මේ කාලය තුල අපට ශිල්ප කියාදුන් ලෙන්ගතු ආචාර්‍යය මණ්ඩලයට,නන් අයුරින් සහයෝගය දුන් අනධ්‍යයන කාර්‍යය මණ්ඩලය ඇතුලු සියලු දෙනාට ස්තුතියි..
සෑම හමුවීමකම, වෙන්වීමක් තියෙනව බං..
ReplyDeleteඒක හරි සැම්..
Deleteඒක දැනන් ජීවත් වෙන එක තමයි හොඳම දේ.. :)
දැන් නම් දාලා යන්න මොකක්ද වගේ බන්
ReplyDeleteයන්න හදනකොට තමයි හැම දේකම අගය තේරෙන්නෙ යකා..
Deleteමේ බිම අපේ ජීවිත ගලාගෙන ගිය පාර සම්පූර්ණයෙන්ම වෙනස් කරපු අපුරු සන්ධිස්තානයක්.. එහෙම නේද යකා :)
අනිවා බන්
Deleteහැම දේකින්ම ඈත් වෙන්න වෙන දවසක් එනවනේ බං.. ගනන් ගන්න එපා..
ReplyDeleteඔව් මචන් උබ හරි..
Deleteඒ දේ තේරුම් ගන්න එක තමා හොඳම දේ..:)
සමුගත්තත් අපේ කැම්පස් එක කියන හැඟීම කිසිදිනක නැතිවෙන්නෙ නැහැ.ඔබේ සටහන
ReplyDeleteදෑසට කඳුලක් ගෙන ආවා.ඔය වෙන් වීම ටිකක් දරා ගන්න අපහසු වෙන්වීමක්නෙ.......
ඒ හැඟීම තමයි වටින්නෙ මිතුර..
Deleteඔබ කියනව වගේ ඒක හමදාමත් තියෙයි.. :)
"ලොව ඇත්තේ යාම් ඊම් පමණි" කියලා සරච්චන්ද්‍රයන් කියන්න ඇත්තේ මේ ඔක්කොම ගැන හිතලා වෙන්න ඇති.......
ReplyDeleteඑක ඇත්ත, හැම හමුවිමක්ම අවසන් වෙන්නේ වෙන් විමකින්නෙ.. අපි කොච්චර එක ඇත විදලා තියෙනවද.. එත් ඒ හැමවෙලේකම දුකක් අපිට දැනෙනවනෙ..
Delete:)