ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Sunday, November 6, 2011

නුඹ නමට ලියන කව...




ඇරඹුවත් නුඹ නමින් කවි පෙලක්           පබදින්න
කිම වදන් පැකිලෙන්නෙ ඒ හැඟුම්          පවසන්න
නුඹ ඇවිත් මගේ මුලු හිත් අහස              සරසන්න
හිත නොමැත නුඹ අතැර වදන් සොයමින්    යන්න
 
 ඒ කවිය නුඹ නමට කෙලෙස හෝ          අමුණන්න
 අවැසි නෑ තව තවත් එලි සමය                රැකගන්න
 උවම් නැති උනත් ඒ කවිය හැඩ              කරවන්න
 වදන් වත් දෙනු මැනවි කවිය නිම           කරගන්න



6 comments:

  1. kawi bandina sithak atha wadan nethu dowana
    hangei numba sandak leda kawi ahasa morana
    asannada sabnda ek deyak noma therena
    Ithin kima thawath pada soyannata karana

    ReplyDelete
  2. කියන්..
    නුඹ දකිනවද
    මා නොලියනා කවිත්..?

    ReplyDelete
  3. exam තිබුන නිසා ගොඩ දවසකට පස්සෙ blog එකට ගොඩ උනේ..
    ස්තුතියි sameera ඔබේ පසුවදනට,

    ඇයට කවි ලියන්නට වදන් නොම ගොනුවෙනා
    ඇයව සිහිවන විටදි පන්හිදත් ගොලුවෙනා...

    ReplyDelete
  4. malithi,
    ස්තුතියි ඔබේ පසුවදනටත්...

    වදන් නැත මුමුනනා
    දෙනෙත් දොඩමලු වෙනා
    කවත් නුඹ නොලියනා
    දෙනෙත් වල ලියැවුනා..

    ReplyDelete
  5. පද ඇතත්
    හිත ඇතත්
    නැත කවක්
    ලියන්නට.............................

    ReplyDelete
    Replies
    1. වෙලාවකට,
      පද ඇතත්
      කවි ඇතත්
      හිත නැතිය
      ලියන්නට..
      ස්තුතියි සේයා..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...