ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Friday, February 17, 2012

නුඹේ පෙම කළ හදිය...



දුර බලා හිඳින නෙතු
පිය ගසන ඇසිල්ලක
නුඹ රුවම මා වෙතට
රැගෙන එන අපූරුව

එවිට හද පුරාවට
කිතිකවා නැගෙන පෙම
ගතම පුබුදන කලක
මුවින් සඟවනු කෝම

තනිව හිනැහෙනා මට
සිනහ වෙන මිතුරන්ට
විහිලු කරනා උන්ට
වෙන කුමක් කියනෙම්ද..

"නුබේ ආලය මහට
කරපු හදියක්ම මිස"

2 comments:

  1. "ආදරේ මටමයි කියා..
    කීවා මතකයි දිවුරා එදා..
    හැර යයි කියලා.. සිතුවේ නෑ මෙමා...
    ම හැර දමා ඔබ ගියා..."

    එයා එහම කවදාවත්ම කියල නෑ. ඒත්.. ඒත් මං එහම හිතුව..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝ මල්ලි,
      මගේ අදහස් වලට ඔයාවත් සාදරයෙන් පිලිගන්නව..
      ඔහොම තමයි මල්ලි අපි වැඩිපුර ජීවත් වෙන්නෙ සිතිවිලි අතරෙනෙ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...