ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Tuesday, March 13, 2012

යාචකයෝ...



නේක අරමුණු දරන්
මුසපත්ව ඇති දනන්
නැවතුනත් මොහොතකට
නැවතුමේ සෙවන යට
රියක් එන තුරු යනෙන..
ඔවුන්ගේ අඳ නෙතින්
මග බලන රිසියෙන්
ඔවුන් දෙස මුව යොමන
හිරු එලිය නොම දකින,
ඔහුට එය නිවහනයි..
දිගු සසර ගමනේ
එකම අරමුනක් වෙත
අපි එකට යන නමුත්,
මේ පුංචි මාවතේ
දුර පෙනෙන අරමුණක්
ොමැති එක චරිතයක්
පමණක්ම නොවෙද ඔහු...
 

2 comments:

  1. ගෙවා දමනුව විනා
    උදාවන හැමදිනක්
    අලුත් අරමුණක් වෙන
    සිතේ නොනැගේ තවත්
    මා ළඟින් එහෙ මෙහෙට
    යනෙන මහතුනි උගත්
    අනුකම්පා බැල්මකින්
    කුමන පලයද කියන්

    හරිම අර්ථවත්....

    ReplyDelete
  2. ගොඩක් ස්තුතියි, සිතඹරට....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...