ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Saturday, April 6, 2013

ස්තුතියි.. පුත්තලම සිමෙන්ති කම්හලට,

 

පිපුන කුසුමක සුවඳ නොදැනුන
                          බිමක සුවඳක් හදට     ගෙන දුන්

හමන සුලඟක සිසිල නොදැනුන
                           බිමක සිහිලක අඩුව  නොම දුන්

අතොර ඝෝෂාවටම හුරු උන
                       කනට මිහිරැති හඬක         සුව දුන්
සොයුරනේ නුඹලටම වෙන් වුන
                          ඉඩක් මා හදවතේ        වේ දැන්


පුත්තලම කියන්නෙ මගෙ ජිවිතෙ එක්තරා සුවිශේෂී සංධිස්ථානයක්. ජිවිතේ පළවෙනි වතාවට මම පුත්තලමට ගියෙ මගේ ජිවිතේ පළවෙනි කාර්මික පුහුණුව ලබාගන්න, ඒ කියන්නෙ සිමෙන්ති කම්හලේ මාස 6ක පුහුණුවකට. හැබැයි අහපහු ආවෙ නම් මාස හතකුත් ගෙවුනට පස්සෙ.

සමාන්‍යයෙන් පුත්තලමෙ තියෙන්නෙ විදුලි පංකා යට නිදාගත්තත් නින්ද නොයන , සිරුර දහඩියෙන් තෙත් වෙන තරම් උණුසුමක් හා ගසක මලක් දළුවක් තියා හරිතපැහැ කොලයක් වත් දකින්න නැති තරමට වියලි පරිසරයක් උනත් දවසින් දෙකෙන් වේලිලා ගිය ගස් හිස ඔසවන, තණපත් මහ පොළව වසාගන්න මහා වැසි කාලයේදිත්, රෙදි පොරවගෙන නිදාගන්න උත්සහ කලත් නින්ද නොයන තරම් සිතල කාලයේදිත් මට එහෙ ඉන්න හමු උනා.

 
B 11- Hostal


 
මට කම්හල් බිමේ මහා හයියෙන් ගොරනාඩු කරන හිත් පිත් නැති යන්ත්‍ර සුත්‍ර අතර, මහ විශාල උනුසුම් නළ අතර සිසිලසක් සුවයක් දෙන්න පුලුවන් සොඳුරු හදවත් හමු උනා. දවස පුරාම වැඩ කරල අපේ නවාතැනට ඒ කියන්නෙ "බී 11 (B one one)" හොස්ටල් එකට එනකොට විහිලුවෙන් තහලුවෙන් ඒ වෙහෙස නිවා ගන්න පුලුවන් හදවත් ගොඩාක් එහෙ තිබුන. කම්හලෙන් අපට දීපු ඒ නවාතැනේ ලංකාවෙ විවිධ පැති වලින්, විවිධ විශයන් ඔස්සේ පුහුණුවිමි ලබාගන්න ආපු සොහොයුරන් ගොඩක් හිටිය. අපේ අයිතිවාසිකම් නොවුනත් අපිට ලැබිය යුතුයි කියල හිතෙන දේවල් අහිමි වෙනකොට ඒව නැවත ලබගන්න, ඒ වෙනුවෙන් එකා වගේ එකතු වෙන්න පිරිසක් අපට හමු උනා.වළලු දාපු අතකින් නොවුනත් කටට රසට ලුනු මිරිස් ඇතිව කන්න පුලුවන් බතක් මාලුවක් අපේ නවාතැනේ හැමදාම ඉදුන. කවුරු කොහොම ඉව්වත් කී දෙනෙක් හිටියත් එකම හැන්දෙන් ඒ හැමෝටම බෙදන්න මම එනකන් උන් හැමදාම හිටිය කියල මතක් කරන්නෙ පුංචි ආඩම්බරයකින්. ඒ නවාතැනට ගොඩවැදුන ඕනම කෙනෙක් දවසින් දෙකෙන් ඒකෙම කොටසක් බවට පත් උනා. ඔවුන් මාසයක් දෙකක් හිටියත් වෙන් වෙලා යන අවස්තාවන් අපේ හදවත් වලට තදින් දැනුන. ඒ වගෙ දවස් වලට කට්ටියම එකතු වෙලා මහ පාන්දර වෙනකන් සින්දු කියල ඔවුන්ට සමුදීපු දවස් ඕන තරම් තිබුන. ඉතින් පහුවදා නැගිටින්න පරක්කු වෙලා රාජකරියට පරක්කු වෙලා ගිහින් හොඳට බැනුම් අහපු  දවසුත් නැතුව නෙමෙයි.
 
Process Engineering Department



කම්හල් බිමේ අපට හිටිය පුංචි පවුල තමයි ක්‍රියාවලි ඉංජිනේරු දෙපාර්තමේන්තුව, නැත්නම් කවුරුත් කියන විදියට process engineering  department එක. එහි හිටිය හැම සාමජිකයෙක්ම මගේ ජිවිතයට එක එක දේවල් එකතු කරල දුන්න. අපේ හිටපු කළමනාකාර තුමා ප්‍රසාද් අයිය කොච්චරවත් බැන බැන නෝන්ඩි කර කර කිසියම් දෙයක් ගැන ගැඹුරටම අධ්‍යයනය කිරිමේ වැදගත් කම ඒත්තු ගැන්නුව. පස්සෙ අපේ කළමනාකාර තුමා  උන චාල්ස් අයිය පේන්න ටිකක් තදින් හිටියත් හරිම ලෙන්ගතුව අපිට පිලිවළට වෙලාවට කලාවට වැඩකිරීමේ  පුරුද්ද ඇති කරල දුන්න. හරිම සැහැල්ලුවෙන් වැඩපල කරගෙන හිටියත් කම්හලේ හැම අස්සක් මුල්ලකම වෙන දේ ගැන අවදානයෙන් හොඳ අවබෝධයෙන් හිටිය අමිල අයිය ලඟට අපි අරගෙන යන විශය සම්භන්ධ ඕනම ප්‍රශ්නයකට විසඳුම් තිබුන. තුන්වන පාර්ශවයේ අතුගාන සේවකයාගේ පටන් ඉහලම නිලධාරියා දක්වා හැමටම එකලෙස ලැබෙන හර්ෂන අයියගෙ හිනාව,ඒ වගෙම ඔහුගෙ කඩිසරකම,හැම වෙලේම  ලැබෙන උපදෙස් අපිට ගොඩක් දේවල් කියල දුන්න. මහා වැඩ ගොඩක් හිරවෙලා තිබුනත්, නිදහසේ සැහැල්ලුවෙන් , විහිලුවෙන් තහලුවෙන් ඒ දේවල් කරන සුදත් අයියයි, බාහිර සාධක සියල්ල තමන්ට අවශ්‍ය සේ සකස් කරගනිමින් ඉලක්කයක් කරා කැප වීමෙන් වැඩ කරන්න සමත් බුද්ධික අයියයි අපේම අයියල දෙන්නෙක් වගේ අපේ වැඩ කටයුතු වලදි අපිත් එක්කම ඉඳල ගොඩාක් උදව් කලා. තමන් කරන කාර්‍යය කැපවීමෙන් , මහන්සියෙන් කරන අතර ලැබෙන හැම ඉඩකදීම එතනින් එහාට දෙයක් ඉගෙන ගන්න ගොඩක් උත්සහකරන තුශාර අයිය බෙදා දුන් අත්දැකිම් ලබා දුන් සහයෝගයත් හැමදාමත් වටිනව. මම වගේම පුහුණුවට ඇවිත් හැම දේදිම  එකට හිටපු සහොදර සහොදරියන්ගෙන් ලැබුනු හයියත් කියන්නම ඕන. 

ඉතින් බොහොම ස්තුතියි නම් වශයෙන් කියපු නොකියපු වචනයකින් හරි උදව් කරපු නොකරපු හැමටම මහාලොකු අත්දැකිම් , වටිනා අවස්තාවන් ,නොමැකෙනා මතකයන් ගොඩක් මගේ ජිවිතයට එකතු කලාට. අද සිට තබන හැම පියවරකදිම  මට ඒ දේවල් එකවගේ වැදගත් වෙයි.


ප.ලි: මේ ලිපිය ගොඩාක් කලින් ලියපු එකක්, ඉවර කර ගන්න විදියක් නොතිබුන නිසා පරක්කු උනේ. දෙසැම්බර් 20 ,ඒ කියන්නෙ ලෝක විනාසෙ වෙන්න තිබුන දාට කලින් දවසෙ තමයි පුහුණුව ඉවර කරල පුත්තලමට ආයුබෝවන් කියල ගෙදර ආවෙ.        

8 comments:

  1. Commented by CLIt seems you are good at, vote of thanking. I also were at puttlam for 6 month and traveled daily about 150Km for it. It was one of the hardest time period in my life

    ReplyDelete
    Replies
    1. thank you for your comment as well as you are warmly welcome to අදහස්..
      As I think more harder thing is traveling 150km daily than staying puttalam :)

      Delete
  2. A walk to remember..මේ ලිපිය කියවද්දී මාස 7ක් පුරාවට අපි කරපු වැඩ මතක් වෙලා හිනත් යනවා..තව වෙලාවකට මාර දුකයි..ඒ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක..මාස 7ක් පුරාවට අපි එක පව්ලක් වගේ හිටිය..උදේම නැගිටලා plant එකට ගිහින් වැඩ කරලා අත්දැකීම් රාශියක් එකතු කරන hostel එකට ඇවිත් රැ එළිවෙනකන් party දැම්මා. ප්‍රශ්නවලට එකමුතුව මුහුණ දීල ඒවා ජයගන්න හැටි ඉගෙනගත්ත. ඒ කාලේ ආයිත් එන්නේ නැ..:(

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව..
      ඒ කාලෙ ආයෙ එන්නෑ උනාට, ඒ කාලෙ ඉගෙන ගත්තු,ජීවිතයට එකතු කරගත්තු දේවල් අපිත් එක්ක හැමදාමත් තියේවි.
      ස්තුතියි ඔබේ සටහනට..

      Delete
  3. ලස්සනට හැම අස්සක් මුල්ලක් ම ගැනම ලියල තියනවා....ඇත්තෙන්ම දකිද්දී හිතට දැනෙනවා.....අපි B11 එකේ හිටිය කාලේ නියමයි....මං නම් දවස පුරාම කට්ටියව සංගීතවත් කලා මතකනේ.....record bar එක ........මහා රෑ පහු වෙනකම් අපි සින්දු කිව්වා....ඉතින් ඔකේ අව්රුද්දක් හිටිය කෙනෙක් විදියට කියන්න කැමති..ඔයාල ඒකට ආව ජිවිතේ අමතක නොවන මිනිසුන්ගේ මතකයන් අතරට මගේ හිතේ තියේවි...ඒ වගේම ඔයාගේ කලාත්මක අදහස් ගැනත් මට නිතර මතක වෙනවා...ඒ ඔයා සහ මම අතර ගොඩාක් වෙලාවට හුවමාරු උන දෙයක් ....සංගීතය,සංගීත රසය....ඒ හිත,ඒ ලස්සන අදහස් එක්කම තව ගොඩක් දුර ලස්සන ගමනක් යන්නට මගෙන් උණුසුම් සුභ පැතුම්.........

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි බාලා,
      ඇයි තව හොස්ටල් එකේ අලුතෙන් එන කාටත් ලැබෙන ඔබේ දේශනය, අපි පැය ගනන් කතා කරපු මාතෘකා කොහොම අමතක වෙන්නද ඉතින්...

      Delete
  4. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
  5. නලීන් අයියා ඔබටත් පවුලෙ හැමටත් එසේම වේවා.. යහපත් පැතුම් ඉටුවෙන අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...