ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Monday, December 23, 2013

අනියම් පෙම..



අපි කලින් සිටි                   හැටී
නුඹේ ලඟ වැඳ                  වැටී
සිහිකලත් නොම                වටී
නුඹේ හද ඒ තරම්            රැවටී

තෙවැනියෙකු එක්          කලේ
මගෙන් නැති වද              පලේ
එක සිතිනි පෙර              කළේ
නුඹත් මා මෙන් තමයි     ආලේ

මා දෙතොල පෙර                විඳී
ඒ පහස අද                     නොදී
දුම් වැටිය හා                      බැදී
සිටින විට හද තියෙද     නොරිදී

හම්බකල                     මුදලින්
ගෙනා දේ                 සුළුවෙන්
උනත් අපි                    සතුටින්
කෑවෙ බිව්වේ අමතකද     දැන්

අද ගෙනත්                තනියෙන්
නුඹ විඳියි                   මත් පැන්
කුසට කෑවද                       මන්
අසන් නෑ මගෙ හදේ  ගිනි  දැන්

ඔබ මතට ලොල්            වෙලා
මා දෙවැනි තැන             වෙලා
හෙට අපට එක්              වෙලා
ඉන්න හැකිවෙද පවුල් කාලා..?


10 comments:

  1. කෙල්ලෝ ඔහොම්මයි බන්, ජරා ජාතිය

    ReplyDelete
    Replies
    1. නෑ මචන්,
      මතට ඇබ්බැහි උන පිරිමි එක්ක ඉන්න ගැහැනු අසරණයි..

      Delete
    2. මල මගුලයි හිතේ වෙන එකක් තියාගෙන බලලා තියෙන්නේ. මට හිතුනේ එකේ අනිත් පැත්ත කියලා

      Delete
    3. මට හිතුන.. යකා වලිගෙ පාගගෙන කියල.. :D

      Delete
  2. හැ අපහැදිලි.... මත් පැන් දුම්වැටි නෙමෙයිද තෙවනියා???

    ReplyDelete
    Replies
    1. ඔබ හරි සිහින මදාරා, ඒ ගැන තමයි කිව්වෙ..

      Delete
  3. අගේ ඇති නිර්මාණයක්. අපි නම් ඕවා පාවිච්චියක් නැහැ.

    ReplyDelete
    Replies
    1. එහෙම නම් ඔබව අගේ කරනවා..:)
      ස්තුතියි මෙ පැත්තෙ ආවට..

      Delete
  4. දුම්වැටියනම් ජීවිතෙන්ම අත්හැරියයුතුය, මත්පැන්ද පමණට වඩා කිට්ටු කරගතයුතු නැත.

    ReplyDelete
    Replies
    1. ඔව් පවුලෙම සතුට සැනසුම නැතිවෙලා යන්න පුලුවන් නැතිනම්..:)
      සතුට සැනසුම මගේ අදහස් වලට සාදරයෙන් පිලිගන්නවා..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...