ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Thursday, February 27, 2014

දුම්රියේ විදුලි පංකාව..



උදේ සිට වෙහෙසුන, 
තෙහෙට්ටුව මැලවුන,
දහදියෙන් තෙත් උන,
කෝපයෙන් නලියන,
ප්‍රෙමයෙන් මත් උන,
ගීතයෙන් නැළවෙන,
විහිලුවෙන් හිනැහෙන,
මැදිරියේ හැමදෙන
දිහා නෙත් ඇරගෙන
නොසෙල්වී හිඳගෙන
පංකාව අසරණ...


6 comments:

  1. අපිත් අසරණයි තමා කදිම අදහසක්

    ReplyDelete
    Replies
    1. "අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා" නේද නලීන් අයියා

      Delete
  2. අසරණකමට ඉතින් මොනවා කරන්නද?

    ReplyDelete
    Replies
    1. ඔව් Dinesh, කැරකෙන්න පුලුවන් නම් නොසෙල්වී මොහොතක් වත් ඉන්න එකක් නැ..
      අපිටත් රටේ ලෝකෙ වෙන දේවල් බලාගෙන අපවිසින් කල යුතු දේ කරගන්න බැරුව, අසරණ විදියට ඔහොම ඉන්න වෙන වෙලාවල් තියෙනවනෙ..

      Delete
  3. කැරකෙන පංකාව..
    එන්ජිම නිව්ව විට
    දැලි කුනෙන් වැහැරී
    පාළුවෙන් මිරිකී
    අදුරු මුල්ලකට වී
    ඉදියි එළි වෙන තුරුම

    ReplyDelete
    Replies
    1. :)
      ආපහු හෙට උදේ, පණගන්වපු වෙලේ ඉඳන්, තොර තෝන්චියක් නැතුව කැරකෙන්න තියෙනවනෙ.. එහෙම නේද දේශක තුමා..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...