ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Monday, March 24, 2014

අපේ හාමුදුරුවෝ..





පන්සලේ බණ මඩුව මදි වගේ දැන්        ටිකක්
මුදල් නැති නිසා නැ දාගැබේ වැඩ           නිමක්
දහම් පාසලට තව අලුත්      ගොඩනැගිල්ලලක්
ගොඩ ගැසී තව තවත් කී නොකී වැඩ  ගොඩක් 

අපේ හාමුදුරුවෝ වෙහෙසේවි නෑ          නිමක්
දුගී දායකයින්ට නෑනෙ මේ හැටි             දුකක්
මහණ කම බරපතල වැඩ සහිත හිර      ගෙයක්
බණට භාවනාවට නෑනෙ දැන්          වෙලාවක්


6 comments:

  1. ඇත්තටම ගමක පන්සලේ හාමුදුරුවන්ට සසර දුකින් එතෙර වීම පැත්තකට දාලා වෙනස් ප්‍රශ්න ගැන හිතන්න වෙලා බන්

    ReplyDelete
  2. ඔව් බන්, දැන් ගිහියොන්ට වඩා ප්‍රශ්න ගොඩක් හාමුදුරුවන්ට..
    මහණ කම සංකීර්ණ වෙලා
    :(

    ReplyDelete
  3. හාමුදුරුවෝ මොන එහෙකට පන්සල විකෘති කරන්න මහන්සි වෙනවද මන්දා...

    ReplyDelete
  4. අනේ මන්ද දේශක තුමා, පන්සලෙන් ගමට ලැබෙන දේට වඩා ගමෙන් පන්සල බලාපොරොත්තු වෙන දේවල් වැඩිවෙලා.දුප්පත් මිනිහෙක්ට පන්සලේ දායකයෙක් වෙන එකත් දැන් හරි අමාරුයි.
    හැම පන්සලම එහෙම නැ, තැනින් තැන ඉතුරු උන රැල්ලට අහු නොවුනු පන්සලුත් තියෙනව..

    ReplyDelete
  5. //බණට භාවනාවට නෑනෙ දැන් වෙලාවක්// ඔන්න ඕකයි වෙලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. නමුත් එක තමයි අවශ්‍යම දේ නේද..
      තමන්ගෙ මුලිකම වගකීම්, යුතුකම් අමතක වෙන එක අද රටේ ගොඩක් තැන් වල දකින්න තියෙන දෙයක්නෙ .

      Delete

Related Posts Plugin for WordPress, Blogger...