ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Thursday, May 29, 2014

හෙදිය..



කෙඳිරිල්ල සුසුම් හඬ නිදි නොමැති රැයෙ       නැගෙන
හුරුපුරුදු උනත් නුඹ විමසිල්ල                   එයම ගැන
රැයේ මැදියම උවද කඩිසැර වු                    ලැසි ගමන
ප්‍රතිකාර රැගෙන නුඹ සැනින් විත්              අවැසි තැන

සීත රැය නුඹ ගෙවන සිහි නොවෙද සුව              යහන
කැප කලේ නුඹ කොහොම කැදැල්ලක මැවු      සිහින
හිමි සඳගෙ උණුසුමින් දරු පැටව් මැද              ගෙවන
නැති උනත් ඒ දිවිය හිඳියි නුඹ නම්                    තුටින

සුදු ඇඳුම හිස් වැසුම කරුණාව පිරි                    මුහුණ
තෙපලනා මුඳු වදන ගිලනුන්ට සුවය                  දෙන
හෙදිය පුන්සඳ විලස තරු පිරුන නුබ               නැගුන
පතන්නම් ඔබ නමට සියලු දෙවි                  රැකවරණ





දවසක් මම කොළඹ මහ රෝහලේ ශල්‍යකර්මයකට ලක් කරපු මගේ ලගම ඤාතියෙක් ලග රැයක් පහන් කලා.එදා වැස්ස, හරි සිතල දවසක්. ලෙඩුන්ගේ කෙදිරිලි හඩයි, සුසුම් ලෑම් හඩයි මැද්දේ නිදි කිර කිර ඉන්න මට නිතර එහෙ මෙහෙ යමින්, නිදි නොමැතිව ඒ ලෙඩුන් ගැන විපරම් කරන හෙදිය කරන කැපකිරීම  පෙනුන විදිය තමයි මේ..





ප.ලි.

  මගේ අදහස් සයිබර් අවකාශයේ ලියන්න පටන් අරන් මේ මාසයට හරියටම් අවුරුදු තැනකුත් වෙනවා. මේ ලිපියත් එක්ක එදා ඉදල ලිපි 60ක් අදහස් වල පලකරලා තියෙනවා. ඒ එදා ඉදල මගේ කවි කියවල, ඒ ගැන අදහස්  යෝජනා දක්වපු සහෘද ඔබේ දිරිමත් කිරීම නිසාමයි. ඉතින් මගේ යාළුවනේ මේ පැත්තට ඇවිත් යන ඔබ සැමට ස්තුතියි.. මින් ඉදිරියටත් ඔබ මා සමග රැදී සිටින තාක් කල් මම ලියන්නට උත්සාහ කරනවා..  
ගිය වසරේ මුලසිට මම polymer processing නමින් තවත් බොගක් ලියනවා. ඒ මා උගත් දේවල් ඇසුරෙන් බහුඅවයව සම්බන්ධව උනන්දුවක් දක්වන මිතුරන් සමග බෙදා ගන්නට. ඉතින් කැමති අය ඒ පැත්තටත් ගොඩවෙලා බලන්න. 


10 comments:

  1. Replies
    1. ගොඩක් ස්තුතියි දේශක තුමා එදා ඉදන්ම දක්වන සහයෝගයට..

      Delete
  2. Replies
    1. නලින් අයියත් මේ පැත්තේ නිතර ගොඩවෙන හිතවතානේ..
      ඉතින් ගොඩාක් ස්තුතියි..

      Delete
  3. සුභ පැතුම්..

    හෙදිය.. වෙලාවකට ඒ අයට කේන්ති යන එක සාධාරණයි. මුලු ජීවිතයම කැප කරල නොවැ රස්සාව කරන්නෙ.

    දැන් කවුරු හරි මෙහෙම අහයි..
    එතකොට පොලිසියත් එහෙම නේ???

    ReplyDelete
    Replies
    1. හැමදාම වගේ හම්බෙන ඔබේ සහයෝගයටත් ස්තුතියි සෑම්..

      ඇයි පොලිසියටත් කේන්ති යනවද..:)
      මොනවා උනත් එකත් ලොකු සේවයක් තමයි, හරියට කරනවා නම් නෙහ්..

      Delete
  4. කවිය නම් අගයි දුල්ෂාන්,

    තම අත්දැකීමක් කවියකට අකුරු කරන එකනම් ඉතාම වටිනවා. තමන්ට ඇති සීමිත වෙලාව හරි භාවිතා කරලා නිර්මාණකරනය දිගට ම කරන්න කියලා ඉල්ලා සිටිනවා... අද තමයි මේ පැත්තට ආවේ. අපේ අඩවියෙනුත් ලින්ක් එකක් දෙන්නම්..... දිගට ම එන්නම් මේ පැත්තට ................

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි කුරුටු ගෑ ගී පවුරටත්..
      ඔබව සාදරයෙන් මේ පැත්තට පිලිගන්නවා..
      ඔබේ යෝජනා අදහස් මට ගොඩක් වටිනවා.. :)

      Delete
  5. සුභ පැතුම් දුල්ෂාන්..! තව තවත් හොදින්, දිගටම ලියන්න :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි නෙරං,
      දිගටම ඇවිත් යන්න එන්න.. :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...