මුහුණට මුහුණ හිඳ හසරැලි සිරි වින්ඳ
සියුමැලි ඇඟිලි තුඩු මා හද පිරිමැද්ද
කාටත් හොරෙන් මට මල් හී සර විද්ද
මිතුරිය නුබට ලං වනු බෑ දුක නැද්ද
හිමිකම් කියයි මලකට මා පෙර සිටම
නුබටත් මගේ හදවත පුද දෙනු කොහොම
දුම්රිය පලින් බැස සමුගෙන යන විටම
නුබගේ මතක හැර යන්නට සිතුවෙ මම
එනමුදු තවම සිහි වෙයි නුබගේ උවන
නුබ හඬ රැගෙන එයි හමනා විට පවන
හදවත තබා පසෙකින් මෙහෙවා නුවන
පතනෙමි ලෙසට කිසිදා යලි හමු නොවන
අනේ හැබෑට බොට දුක නැද්ද දුල්...
ReplyDeleteහිතට එකඟව උත්තරයක් දෙන්නේ කොහොමද දේශකතුමා..
Delete:(
ලස්සනයි..
ReplyDeleteස්තුතියි නලීන් අයියා.. :)
Deleteඑහෙමත් දෙවල් වෙනවා ඉතින් :) ඕවුවා ඕම තමා ;)
ReplyDeleteහ්ම්.. මොනවා කරන්නද. අපේ හිත් අපිට ඕන දේවල් කරන්නේ නැනේ. අමාරුවේ වැටෙන වැඩ මනේ කරන්න දගලන්නේ.. :)
Deleteඔය අත්දැකීමට මුහුණ දුන්න කෙනෙක් දන්නවා ඕක කොයි තරම් ගැඹුරුද කියල. යම් විටෙක බුද්ධිය අභිබවා යන්නේ අපේ වරදම නොවන්නත් පුළුවන්. සමහර විට ජීවීන් බෝ කිරීමට ස්වාභා දහමෙන් කරන බල කිරීමක් වන්නටත් පුළුවන්. කුමක් වුවත් මං කෙල්ලෙක් ඒ හිත leyland එන්ජිමකට උපමා කලොත් වැරදි නැහැ යයි හිතනවා. ඒ එන්ජිම අවශ්‍ය වේගයට ගන්න ටිකක් අමාරුයි තමා නමුත් ඒ වේගයට ආවම අනිත් වාහන වගේ නෙමේ ගමනට ඕක driver ලා කියන කතාවක්. එහි අත්තක් නැතිවාම නොවේ. නමුත් එහි යාන්ත්‍රික විද්‍යාවක් මං මෙහි කියන්නට යන්නේ නැහැ. නමුත් කෙල්ලෙක් ගේ හිතක් අපි ගත්තොත් එකත් ඒ වගේ ගතියක් තියනවා. පිරිමි සිත් කොතරම් ඇවිටිලි කලත් ඇවිලෙන්නේ නැති ඒ සිත හිටි වනම යම් පිරිමි සිතක් නිසා අවිලුනහොත් ඒ හිතේ ගින්න නිවන ඒක අපි හිතන තරම් ලෙහෙසි නෑ. මං දන්නේ නැහැ ඒ හිත් වල ඒ තරම් ගැඹුරින් ආදරයක් හටගන්නේ පිටිමියාට වඩා කායිකව හා මානසිකව දුර්වල නිසාදෝ කියා. නමුත් මේ කවියේ තිබෙන සිතිවිල්ල මට සිතාගන්න පුළුවන් මොකද දුල්ශාන් කියන කෙනාගේ සිත මං දන්නා නිසා. මොකද යම් සිතක් තමන් වෙනුවෙන් සිටිනවා නම් එය එපා කීමෙන් පමණක් නවතින්නට ඔහුට බැරි බවත් ඒ ඔහු වෙනුවෙන් සිටින සිත ඔහු නිසා කරදරයක් කරගනීදෝ කියන සිතිවිල්ල ඔහුගේ සිතේ වරදකාරී හැගීමක් ඇති කරනවා නියතයි. අන්න ඒ සිතිවිල්ල ඒ තරම් ලේසි නැහැ. ඒ ඔහු ඒ තරම් සාධාරණ නිසයි. කොහොම නමුත් මං ඉතා ආශා කරනවා මේ කෙටි පද විලාශයට.... කවි ලියන විට මට ඉතා අමාරු දෙයක් ඒක. නමුත් ඒ දේ ඉතා අපූරුවට මෙහි තිබෙනවා....ඇත්තෙන්ම අනර්ඝයි....
ReplyDeleteනිහඬව හිටියට, මේ වගේ අත්දැකීම් අපි අතර ඉන්න ගොඩ දෙනෙකුට ලැබිල ඇති. මම හිතන්නේ එකට හේතුව මිනිස් හිතේ ස්වභාවය තමයි. සමහර විට අපිට හුරු පුරුදු ලෙන්ගතු බවක් දැනෙන්නේ ඒ අය අපිත් එක්ක මේ සංසාරයේ සහෝදර සහෝදරියන්, ප්‍රේම වන්තයින්, දෙමාපිය දු දරුවන් විදියට ඉන්න ඇති..
Deleteඑත් හැගීම් වලට වහල් නොවී එන්න පුළුවන් නම් එක තමයි හොදම දේ.
බාල උබට මින්ස්සුන්ව තෙරුම් ගැනීමේ හොද හැකියාවක් තියෙන බව ඒ කාලයේ ඉදලම මම දන්නවා..අපි එකට හොස්ටල් හිටිය ඒ කටි කාලයේ අපි කොයි තරම් දේවල් මහා රැ තිස්සේ කතාකරන්න ඇතිද.. :)
විවිද ආකාරයේ කවි රටාවන් අත්හදා බලන්න, එක ගොඩක් හොදයි. අපි ඉතින් කවි ලියන නවකයොනේ.. :)
ඒ කථාව ඇත්ත. සමහරු කියනවා සසර පුරුදු කෙනා මට ම ලැබෙනවා එයාව දැක්කාම සසර පුරුදු බව දැනෙනවා කියල. ඒ උනාට ඒ ගොඩාක් අය වාසනාවන්තයි සසර පුරුදුම අයගෙන් එක්කෙනෙක් හම්බුනු එකට. ඇත්ත සසර පුරුදු කියන හැගීම දැනෙනවා ඒ කෙනා හම්බුනාම. එයා ගැන හිතන කොටත් එයා ට අපි ගැන හිතෙනවා. ඔය වගේ පුදුමාකාර දේවල් වෙනවා. අපි කථා කරලා තියන විදියටත් දුල්ශාන් අයියේ ඒක මනෝ විද්‍යාත්මකව ගත්තත් යම් තාක් දුරට සාධාරණ කරුණක්. නමුත් ප්‍රශ්නේ වෙන්නේ ඔය සසර පුරුදු තව කෙනෙක් හම්බුනාමයි. ඒ කෙනත් පුදුම ළඟ බව ඔප්පු වෙන්න ගත්තාමයි,,, මානසිකව බද්ධ වෙන්න උත්සාහ කරන්න ගත්තාමයි. ඒ දෙයට නම් අපේ මනස අපිට කොතරම් පාලනය කරන්න පුලුවන්ද කියන දේ ගොඩාක් ම වැදගත් වනවා මයි නේද? එසේ කර ගැනීමට ශක්තියක් නැති වුනොත් වෙන්නේ පුදුම අපරාදයක්, අසාධාරණයක්... මං කොහේ හරි අහලා තියනවා මේ හැම සත්වයෙක් ම අපේ අම්ම වෙලා ආත්මයක ඉන්න තරම් මේ සසර දිග බව. එසේ නම් සසර පුරුදු කවර කථා ද.... වැදගත් වෙන්නේ අපේ පාලනය කොතරම් අපේ අතේ ද කියන දේ නේද? ගොඩාක් අය නොකියනවා වෙනුවට කියනවා නම් මේ වගේ ඒක බලලා කී දෙනෙක් ට ඉගෙනගන්න පුලුවන්ද නේද? අපි එකට හොස්ටල් හිටිය ඒ කාලේ මගේ ජීවිතේ ලස්සනම කාලයක්......අදටත් මට සමහර අපි ඒ අහපු සින්දු හන කොට ඒ කලේ අද වගේ මතක් වෙනවා..."""මේ තරම් සියුමැලිද කළු ගල්...."""
Deleteඇත්ත බාල හිතට ඕන ඕන දේ කරන්න ඉඩ දුන්නොත් හැමදාමත් ප්‍රශ්න තමයි.. දහමේ හැටියට අපි උත්සහ කරන්න ඕන, පුරුදු කරන්න ඕන අසාවන් පස්සේ නොදුවා හිත පාලනය කරගෙන, හරි වැරැද්ද තේරුම් අරගෙන ජිවිතේ ගත කරන එකනේ නේද.. කරන්න අමාරුම දේත් එකමනේ. එහෙනම් මේ ලෝකේ ප්‍රශ්න කොච්චර විසදෙයිද..
Deleteආයේ හමුවෙන්න එපා කිවුවට කොහේදි හරි ආයෙම මුණ ගැහෙනවා මචෝ..
ReplyDeleteඑක ඇත්ත දිනේෂ්..
Deleteමේ පුංචි රටේ දෙදෙනෙක් ආයෙමත් හමු නොවුනොත් තමයි පුදුමේ.. :)
කවිය නම් නියමයි. ... දුම්රියේ ෂීට් මුහුණට මුහුණ තියෙන නිසානේ මේ කරදර නේද???? බස් එකේ ගියානම් හරිනේ........
ReplyDeleteහරියටම හරි කුරුටු ගෑ ගී පවුර, ගැටලුවේ මුලයටම තමයි බේත් කරන්න ඕන..
Deleteබස් ගාස්තු වැඩි නිසා මල්සරා කොහොමටත් බස් එකට නගින්නෙත් නැ.. :)
අපිට ඕන ගොඩක් දේවල් අපිට ජීවිතේදී ලැබෙන්නේ නෑ එත් ඒවා වෙන අය ගාව තියනවා දැක්කම දුකක් දැනෙන එකේ පුදුමයක් නැහැ
ReplyDeleteඑක තමයි තරිඳු ජිවිතේ කියන්නේ නෙහ්.. සතුට, සැපත, බලාපොරොත්තු, ආශාවන්, මේ හැමදේම අන්තිමට නතර වෙන්නෙ, ඉවර වෙන්නේ දුකෙන් තමයි.. :)
Deleteලස්සන කවි පන්තිය ..කොච්චර උනත් ඇති ඔයින් ගියා කියල හිත හදාගම්මු හොඳා ;)
ReplyDeleteස්තුතියි දිලිනි.. මගේ අදහස් වලට ඔයා සාදරයෙන් පිලිගන්නවා..
Delete:) එක හරි, තරවටු කරලා හරි හිත හදාගන්න එක තමා දැන් කරන්න තියෙන්නේ.
සරසවි ආදර අන්දර බහුතරයක් ඔහොම තමා නේද..... සමකෝණී ත්‍රිකෝණ වෙන්නත් බෑනේ අපිට හැම වෙලාවෙම........ සසර පුරාවට පතාගෙන ඇවිත් කියල හිතුවත් අන්තිමේදී දාලා යන්න වෙනවා ඉතිං මොලේ කියන දේ අහලා.......
ReplyDeleteහ්ම්.. සමකෝනි බැරි නම් සෘජුකෝනි විදියට වත් ඉන්න තියෙනවා නම් නෙහ්.. :)
Deleteසේයා ඔබව සාදරයෙන් පිලිගන්නවා මගේ අදහස් වලට..
මන් අහල තියෙනවා කියමනක්, එකවැර දෙදෙනෙක්කුට ආදරේ කරනවානම් දෙවෙනියව තෝරාගන්න, මොකද පලවෙනි කෙනාට ඇත්තටම ආදරේනම් දෙවෙන්නෙක් ගැන හිතන්නේ නැති නිසා. මන්නම දන්නේ නෑ ඉතින් ඕවගේ ඇත්ත නැත්ත.
ReplyDeleteඒ අදහසෙත් ඇත්තක් තියෙයි වගේ.. එත් මම විශ්වාස කරන විදියට ආදරය කියන හැඟීම ස්වභාවිකව එක්කෙනෙකුටම සීමා වෙන්නේ නෑ. ඇතිවෙන බැඳීම්, සම්මතයන් එක්ක තමයි එය සිදුවෙන්නේ..
Deleteස්තුතියි විරාමය ඔබට..