ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Sunday, March 17, 2013

සඳ..



මගේ ලෝකෙට එලිය අරගෙන හිරු විලස පියනගන       පුතුනේ
දවස තිස්සෙම නුඹට දැන් මගෙ අඳුර නැසුමට නොහැකි   වන්නේ
නුඹ නොමැති ඒ අදුරු රැයකදි කවුද මගෙ තනිකම      මකන්නේ
නුබේ මිතුරන් රැස් උනත් උන් අහසෙ තරු මෙන් දුරයි     ඉන්නේ
නුඹෙන් අරගත් එලිය අතරට සිහිල එක්කර අරන්          එන්නේ
නුඹට වැඩියෙන් ලඟින් ඉන්නා නුඹ ගෙනා ඒ සඳයි         පුතුනේ

 

2 comments:

Related Posts Plugin for WordPress, Blogger...