ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Monday, August 29, 2011

මගේ මතකය

 
වැහි බින්දු මා තෙමන විටදි ඔබ             සිහිවුනේ
ඔබ සමඟ නොතෙමි මා පියනැගුවෙ     පෙර දිනේ
අහඹු ලෙස හමුවෙලා අහඹු ලෙස        වෙන්වුනේ
ඔබව මට හිමි නොමැති බව මටම         වැටහුනේ

මා යනෙන බසයෙදියි ඔබව මට             හමුවුනේ
මගෙම වරදින් නුඹව එහිදිමයි              නැතිවුනේ
අද තවත් කෙනෙකු හට නුඹ සෙවන   දෙනුපෙනේ
මට අහිමි ඒ "කුඩය" දැන් ඉතින්         ඔහුගෙ නේ
 

5 comments:

  1. අහිමි බව දැන දැනා
    දුකට කව් ගී ලියවෙනා..
    හිතට දිරි ගෙන
    ඇවිද යනු මැන
    වෙනත් කුඩයක් බලා...

    වෙන කුමක් නම් කරනුද...

    ReplyDelete
  2. "කෙනෙකු අත් වැරැද්දෙන්
    බසය තුල දමා ගිය
    කුඩයකට ලොබ බැදන්
    නුඹෙම කර ගත් නමුදු
    නුඹද ඒ වරැද්දම
    යළිදු සිදු කලේ නම්
    වැරදිකරු කුඩය නොව
    එය අතට ගත් අයයි"

    මේ පබැදුම දෙවිදියකට රස විදින්න පුලුවන්..අත්තටම කුඩයට උනත් ඔය දේම නෙ වෙන්නෙ.එත් මෙතනදි ඔබ කුඩය ආදදරයට සමාන කරල තියෙනව හරි අපූරුවට...

    ReplyDelete
  3. ඒක තමයි, මෙහෙම ඉදල හරියන්නෙනෑ..
    මටම කියල කුඩයක් ගන්න ඕන..

    සිතඹර සහ අසනි,
    ගොඩක් ස්තුතියි පසු වදන් වලට...

    ReplyDelete
  4. අහම්බෙන් ලැබුණු මුත් ළඟින් හිඳි නිරතුරුව
    වුවමනා වූ විටක ඔබව අත් නොහැර ගිය
    වටිනකම දැනුණි නම් එයින් ඔබේ තනි මගට
    කිසිදිනෙක එය දමා නොයනු ඇත අතරමග............

    නේද සහෝදරයා.......... :)

    ReplyDelete
    Replies
    1. ඔව් සේයා..
      කොහොමත් තමන්ට අයිති උනාට පස්සේ කොයි දේත් අගය අඩුවෙලා යනවනේ..
      ස්තුතියි ඔබට..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...