අදහස්
ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....
ඔබට හිතන්නට
පුංචි අදහසක්....
Saturday, January 28, 2012
නොසැලෙන්න...
පුංචි දිය බිංදුවක්
මහා තද ගල් කුලක
ගැටී විසිරී ගියද
…
මේ පුංචි දිය බිංදු
කල් යද්දි ගල්කුලේ
සිදුරු හාරනු නොවෙද
….
අපිත් නොසැලෙන ලෙසක
සිටියොතින් අරමුණක
උදා වෙන මතු දිනක
ජයගන්න බැරි වෙයිද....
Saturday, January 14, 2012
අහිමි වූ කඳුළ...
මගේ පෙම් හැඟුම් ඔබ මිතුදමින් වෙලද්දී
ගොලුවෙච්ච වදන් හදවතේ පොර බඳද්දී
මගතොටේ හමු වෙලා ඔබ සිනහ නගද්දී
නැගුණු කඳුළත් ගිලිහුනා මට රිදුම් දී
Sunday, December 25, 2011
විභාග ප්‍රතිඵලය..
එකම කොලයක රැඳුන
සිනහ රැඳි දෙනෙත ලඟ
කඳුලු බිඳු රැඳි නෙතඟ
කියයි ප්‍රතිඵලයෙ රඟ
Thursday, December 15, 2011
ගංගාව..
පිපාසාව සංසිඳිමින්,
ගලා ගියත් නුඹ පෙර දින,
මහසයුරට එක් වී අද,
බොන්නට බැරි ලෙස ලුනු රස,
උනේ කෙලෙස උඩඟු විලස...
Wednesday, December 7, 2011
බුද්ධිගලනය..
රටේ මැද කඳුකරෙන් ඇරඹුන
ගඟ ගලා යයි මුහුද වෙතටම
මුතු මැණික් දිය යටම හංගන
මව්බිමේ පෝෂනය හෝදන
සිතා බලපන් නුඹත් එහෙමද
පුංචි තැනකින් පටන් අරගෙන
උගෙන දුප්පත් දනගෙ මුදලින
ගිහින් පිටරට වලට කඹුරන
රට අතැර ගිය ශ්‍රිලාංකිකයිනි,
නැවත එන්න.. අපි අපේ රට ගොඩනගමු..!
Sunday, November 6, 2011
නුඹ නමට ලියන කව...
ඇරඹුවත් නුඹ නමින් කවි පෙලක්
පබදින්න
කිම වදන් පැකිලෙන්නෙ ඒ හැඟුම්
පවසන්න
නුඹ ඇවිත් මගේ මුලු හිත් අහස
සරසන්න
හිත නොමැත නුඹ අතැර වදන් සොයමින්
යන්න
ඒ කවිය නුඹ නමට කෙලෙස හෝ
අමුණන්න
අවැසි නෑ තව තවත් එලි සමය
රැකගන්න
උවම් නැති උනත් ඒ කවිය හැඩ
කරවන්න
වදන් වත් දෙනු මැනවි කවිය නිම
කරගන්න
Saturday, October 8, 2011
Ring tone එක
මගේ දුරකතනයට මුලදි
ඇමතුමක් එන විටදි මහදේ
සොඳුරු හැඟුමන් ජනිත වන සේ
මිහිරි ගීයකි හඬින් ගැයුනේ
එදා සිට ඇය ඇමතු දවසේ
ඇසූ සුවහස් ගීත අතරේ
මහද නලවන එකම ගීතේ
වීය එය මී විතක් විලසේ
එදත් සුපුරුදු විලස නද දී
ඇගේ අයියයි දෙසුවෙ බෝසේ
ඇසෙනවිට මා සළිත වන සේ
එයම විය බියකරුම ගීතේ
අවාරේ සැදි පළතුරක් සේ
නැගෙයි ඉදහිට ගීත රාවේ
තවම නොදනිමි එහි වු අරුතේ
අනේ මන්දා එයයි ගීතේ
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)