ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Friday, February 17, 2012

නුඹේ පෙම කළ හදිය...



දුර බලා හිඳින නෙතු
පිය ගසන ඇසිල්ලක
නුඹ රුවම මා වෙතට
රැගෙන එන අපූරුව

එවිට හද පුරාවට
කිතිකවා නැගෙන පෙම
ගතම පුබුදන කලක
මුවින් සඟවනු කෝම

තනිව හිනැහෙනා මට
සිනහ වෙන මිතුරන්ට
විහිලු කරනා උන්ට
වෙන කුමක් කියනෙම්ද..

"නුබේ ආලය මහට
කරපු හදියක්ම මිස"

Sunday, February 5, 2012

තේරුම් ගතිමි..




වියලෙනා සිත්    මලට
සිහිල් පින්නක්  ලෙසට
මව් පියන්ගෙන්    මහට
ලැබෙන ආලේ     යසට
උඬගු ඔබගේ     පෙමට 
වඩා වටිනවා...       මට
 

Saturday, January 28, 2012

නොසැලෙන්න...



පුංචි දිය බිංදුවක්
මහා තද ගල් කුලක
ගැටී විසිරී ගි‍යද
මේ පුංචි දිය බිංදු
කල් යද්දි ගල්කුලේ
සිදුරු හාරනු නොවෙද….
අපිත් නොසැලෙන ලෙසක
සිටියොතින් අරමුණක
උදා වෙන මතු දිනක
ජයගන්න බැරි වෙයිද....

 

Saturday, January 14, 2012

අහිමි වූ කඳුළ...




මගේ පෙම් හැඟුම් ඔබ මිතුදමින්   වෙලද්දී
ගොලුවෙච්ච වදන් හදවතේ පොර   බඳද්දී
මගතොටේ හමු වෙලා ඔබ සිනහ   නගද්දී
නැගුණු කඳුළත් ගිලිහුනා මට         රිදුම් දී


Sunday, December 25, 2011

විභාග ප්‍රතිඵලය..



එකම කොලයක රැඳුන
සිනහ රැඳි දෙනෙත ලඟ
කඳුලු බිඳු රැඳි නෙතඟ
කියයි ප්‍රතිඵලයෙ රඟ
 

Thursday, December 15, 2011

ගංගාව..



පිපාසාව සංසිඳිමින්,
ගලා ගියත් නුඹ පෙර දින,
මහසයුරට එක් වී අද,
බොන්නට බැරි ලෙස ලුනු රස,
උනේ කෙලෙස උඩඟු විලස...
 

Wednesday, December 7, 2011

බුද්ධිගලනය..




රටේ මැද කඳුකරෙන් ඇරඹුන
ගඟ ගලා යයි මුහුද වෙතටම
මුතු මැණික් දිය යටම හංගන
මව්බිමේ පෝෂනය හෝදන
 
සිතා බලපන් නුඹත් එහෙමද
පුංචි තැනකින් පටන් අරගෙන
උගෙන දුප්පත් දනගෙ මුදලින
ගිහින් පිටරට වලට කඹුරන



රට අතැර ගිය ශ්‍රිලාංකිකයිනි,
නැවත එන්න.. අපි අපේ රට ගොඩනගමු..!
 
Related Posts Plugin for WordPress, Blogger...