ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Wednesday, June 22, 2011

වට්ටාරම...

මා ඇසින් දුටු වට්ටාරමේ අසිරිය...


උතුම් වෙසඟේ බුදුන් වැඳුමට ගියේ             වට්ටාරම්
ඒ මහා පුදබිමේ මා දුටු අසිරි                     පවසන්නම්
බොහෝ දුර අපි ගෙවාගෙන තව පසුකරන්      පුදබිම්
බුදුන් වැඳුමට වෙළඳ පොලකට ගියා මෙන්   මටනම්
 
පුදබිමට පිය නගන විට අපි බැතින් හද       පුරවන්
කතුරු ඔන්චිලි අතර මාරක ලිඳකි මහ       හඬ දුන්
බුදුන් වැඳුමද තබා පසෙකින් මුදල් වැය    කරමින්
මහා ජන කඳ පෝලිමේ හිඳ ගියේ එය       නරඹන්

 
බෝ රඳුන් වැඳ දාගැබට යන මග දෙපස      අහුරන්
යදිති යාචක දනෝ ආධර එකිනෙකා          පරයන්
නේක ආබාධයන්ගෙන් යුත් ඔවුන් දුටු       විගසින්
සොවින් හදවත පිරී ඉතිරෙයි සසර කල    කිරෙමින්
 
දාගැබෙන් බුදු මදුර වෙත පිය නඟන මග          දෙපසේ
එකම වහලක් යටින් හැම දේ ගන්න  හැකි       වන සේ
නොයෙක් විසිතුරු දෙයින් සපිරුනු සල් පිළින්  ගැවසේ
ඔවුන් යන එන මගත් අහුරන් හඬනගති             රිසිසේ
 
මුදල් කොල මත යකඩ කටකින් හඬින් සෙත  පැවසේ
එකඟ සිතකින් මලක් පිදුමට නොහැක කිසි      විලසේ
ගමේ පන්සල උතුම් වෙසඟට පිළිවෙතින්        සැරසේ
අහෝ.. රජමහ විහාරෙට මේ කලද අද               දවසේ

2 comments:

  1. ලෝකය දිහා බැලූ තවත් තාත්වික ඇස් දෙකක් කවි ටිකේ තියනවා.....වටිනවා....

    ReplyDelete
  2. කවියකින් කියන දේ හරියට දකින්නත් හොද ඇස් දෙකක් ඕනනෙ...
    ස්තුතියි මහේෂ්කට..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...