ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Sunday, December 25, 2011

විභාග ප්‍රතිඵලය..



එකම කොලයක රැඳුන
සිනහ රැඳි දෙනෙත ලඟ
කඳුලු බිඳු රැඳි නෙතඟ
කියයි ප්‍රතිඵලයෙ රඟ
 

Thursday, December 15, 2011

ගංගාව..



පිපාසාව සංසිඳිමින්,
ගලා ගියත් නුඹ පෙර දින,
මහසයුරට එක් වී අද,
බොන්නට බැරි ලෙස ලුනු රස,
උනේ කෙලෙස උඩඟු විලස...
 

Wednesday, December 7, 2011

බුද්ධිගලනය..




රටේ මැද කඳුකරෙන් ඇරඹුන
ගඟ ගලා යයි මුහුද වෙතටම
මුතු මැණික් දිය යටම හංගන
මව්බිමේ පෝෂනය හෝදන
 
සිතා බලපන් නුඹත් එහෙමද
පුංචි තැනකින් පටන් අරගෙන
උගෙන දුප්පත් දනගෙ මුදලින
ගිහින් පිටරට වලට කඹුරන



රට අතැර ගිය ශ්‍රිලාංකිකයිනි,
නැවත එන්න.. අපි අපේ රට ගොඩනගමු..!
 

Sunday, November 6, 2011

නුඹ නමට ලියන කව...




ඇරඹුවත් නුඹ නමින් කවි පෙලක්           පබදින්න
කිම වදන් පැකිලෙන්නෙ ඒ හැඟුම්          පවසන්න
නුඹ ඇවිත් මගේ මුලු හිත් අහස              සරසන්න
හිත නොමැත නුඹ අතැර වදන් සොයමින්    යන්න
 
 ඒ කවිය නුඹ නමට කෙලෙස හෝ          අමුණන්න
 අවැසි නෑ තව තවත් එලි සමය                රැකගන්න
 උවම් නැති උනත් ඒ කවිය හැඩ              කරවන්න
 වදන් වත් දෙනු මැනවි කවිය නිම           කරගන්න



Saturday, October 8, 2011

Ring tone එක



මගේ දුරකතනයට මුලදි
ඇමතුමක් එන විටදි මහදේ
සොඳුරු හැඟුමන් ජනිත වන සේ
මිහිරි ගීයකි හඬින් ගැයුනේ
 
එදා සිට ඇය ඇමතු දවසේ
ඇසූ සුවහස් ගීත අතරේ
මහද නලවන එකම ගීතේ
වීය එය මී විතක් විලසේ
 
එදත් සුපුරුදු විලස නද දී
ඇගේ අයියයි දෙසුවෙ බෝසේ
ඇසෙනවිට මා සළිත වන සේ
එයම විය බියකරුම ගීතේ
 
අවාරේ සැදි පළතුරක් සේ
නැගෙයි ඉදහිට ගීත රාවේ
තවම නොදනිමි එහි වු අරුතේ
අනේ මන්දා එයයි ගීතේ
 

Tuesday, September 27, 2011

දිනන්නට...!




දිනීමට හැසිරෙන්න දිනුවෙකු                      විලසින්ම
නිකරුනේ නොයවන්න ගෙවෙන හැම   මොහොතක්ම
පිබිදෙන්න හැම දිනක ජය කනුව                 දකිමින්ම
අත් වේවි මතු දිනක  ජය ඔබට                  නිතැතින්ම



 මා විශ්වාස කරන ආකාරයට, ජයක් ලැබීමට නම් තමා පළමුව පරාජිත හැඟිම් ඉවත් කර දමා ජය ලැබුවෙක් සේ හැසිරිමට හුරු විය යුතුය.සෑම මොහොතකම සඳහා කැප විය යුතුය.නිරන්තරයෙන්ම තමා යා යුතු ඉලක්කය,ඒ සඳහා යා යුතු මර්ගය සිතින් දැකිය යුතුය.අවසානයේදී නොවැරදිම තමාට තමාගේ අරමුණු කරා ලඟාවිය හැකිය....
 

Saturday, September 17, 2011

වෙරල රළ හා බැඳුන ප්‍රේමය...




වෙරල රළ හා පෙමින් බැඳුනත් නොමැත කිසි දා වෙලී     හුන්නේ
රළ ඇවිත් මුදු වෙරල සිපගෙන යලිත් සයුරට මුහුව          යන්නේ
ඔබව මට හිමි නොවන වග දැන දැනත් මා සිත ඔබ       පතන්නේ
සිතින් හෝ ඔබ ලගින් හිඳගෙන ඔබේ පෙම්සුව විඳිනු        රිසිනේ 

 
Related Posts Plugin for WordPress, Blogger...