ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Monday, August 29, 2011

මගේ මතකය

 
වැහි බින්දු මා තෙමන විටදි ඔබ             සිහිවුනේ
ඔබ සමඟ නොතෙමි මා පියනැගුවෙ     පෙර දිනේ
අහඹු ලෙස හමුවෙලා අහඹු ලෙස        වෙන්වුනේ
ඔබව මට හිමි නොමැති බව මටම         වැටහුනේ

මා යනෙන බසයෙදියි ඔබව මට             හමුවුනේ
මගෙම වරදින් නුඹව එහිදිමයි              නැතිවුනේ
අද තවත් කෙනෙකු හට නුඹ සෙවන   දෙනුපෙනේ
මට අහිමි ඒ "කුඩය" දැන් ඉතින්         ඔහුගෙ නේ
 

Wednesday, August 17, 2011

මම ..



නුඹේ පයටම ගෙවුනු,
මාරු නොකරම නොහැකි,
සෙරෙප්පුව වගෙයි දැන්,
නුඹට යල් පැන ගියපු...


Thursday, August 11, 2011

බසයේ ගමන


ජීවිත රැසක්
දෑතට අරන්..
මුදලම හඹන්
තරගෙට වැදන්..
හීයක් ලෙසින්
යන විට උඩින්..
රියදුරු තුමන්
දෑතට නිතින්..
කඳ සුරිඳුගෙන්
පිහිටම පතන්..
දෙවියන් බුදුන්
සිහිපත් කරන්..
රත්වූ ලෙයින්
හිදිනෙමු ඉතින්..

Saturday, August 6, 2011

නිර්දෝශී හෙර



ඔබ යෙදු දිය පොහොර සමග,
සරුවට දින දින ලියලුව
ඔබ වෙනුවෙන් හදෙහි ඉපදි,
ආලය නම් පුංචි දලුව
තලා නැවත නොනගින ලෙස,
අහවර කර දැම්මෙ මමම
ඔබ හෙරකැයි දැනගත් දින,
මා මිතුරගෙ හිතද ගත්ත

Thursday, July 28, 2011

අසම්මතද..?


 


ගතේ දැවටෙන සේල   අතරින්
ඔබේ මුදු ලැම පහස    ලබමින්
නේක මිනිසුන් හෙලූ   සුසුමන්                                                            හදේ ගැඹුරට නොදැනුනාදෙන්

ආලයෙන් තුටු පඬුරු  අරගෙන
ඔබට ඇරයුම් රැගෙන  එන දින
කාසි පඬුරට විවර    නොමවුන
නුබේ ඒ හද මහට    දෙනු මැන

Tuesday, July 26, 2011

හිතන්නට...



නොයෙක් දස්කම්  දරන්
ඉපදුනේ        මනුසතුන්
අනුන් දැල්වූ        පහන්
එපා යන්නට    සොයන්

මදක් නැවතී          හිදන්
ඔබට හැකි දේ      බලන්
ප්‍රඟුන කර එය    හොදින්
යන්න පරතෙර  සොයන්

නොපසුබට       අදිටනින්
අනුන් යහපත        පතන්
වැඩ කලොත් ඉත  සිතින්
දියුණුවත් එයි        හඹන්



සෑම මිනිසෙකු සතුවම සහජ දක්ෂතාවයන් පවතී.අවම වශයෙන් එකක් හෝ පවතී.ඉතින් නිවිහැනහිල්ලේ සිතා බලන්න,තමන් දක්ෂ මොනවාටදැයි කියා. තවමත් ප්‍රමාද නැත,එම දක්ෂ තාවයන් මතුකර ප්‍රගුන කරගන්න.එමගින් සමාජයට වැඩක් කරන්නට උත්සාහ ගන්න.එවිටයි, සාර්ථක මිනිසෙකු විය හැක්කේ.

                                                                                                      http://adahas.webs.com/

Saturday, July 23, 2011

මල


මලක් විලස පර වීලා
ගියේ කිමද මා දාලා
කිවේ මලකැයි කියලා
මලක් විලස සුවඳ හලා
ඔබ එනු දැක සිනහ සලා

Related Posts Plugin for WordPress, Blogger...